Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියානු 3-0 කින් ජය ලැබීය.  සිඞ්නිහිදී අද (02) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 132 ක පහසු ජයක් ලැබූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 94 ක් පමණි. නායිකා චමරි අතපත්තු පන්දු 39 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 30 ක් රැස්කළාය.
 
තරගාවලියේ තරග තුනෙන් තරග දෙකකදීම ශ්‍රී ලංකා පිල ලකුණු 100 කට අඩුවෙන් දැවී ගිය අතර පළමු තරගයේදී ලකුණු 176 ක් ලබාගත්තේය. එම තරගයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවෙන් 113 ක් චමරි අතපත්තු විසින් රැස්කරන ලදි.
 
පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ඇලිසා හීලි පන්දු 61 කින් නොදැවී ලකුණු 148 ක් රැස්කරමින් විස්සයි20 ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ඉහළතම ඉනිමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර අමා කාංචනා යැවූ ඕවර දෙකකට ලකුණු 47 ක් රැස්කර තිබුණි.
 
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 2 ට 226
(ඇලිස්සා හීලි නොදැවී 148, බේත් මොනි 14, රචල් හයිනස් 41, චමරි අතපත්තු 27/2)
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 94
(චමරි අතපත්තු 30, හර්ෂිතා මාධවී 28, ශෂිකලා සිරිවර්ධන 11, ටයිටා වලාමිනික් 20/2, නිකොලා කේරි 13/2)

- 048


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.