Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියා - නවසීලන්ත තරගයට වැස්සෙන් බාධා

ඕස්ට්‍රේලියා - නවසීලන්ත තරගයට වැස්සෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාඅතර බර්මින්හැම්හිදී අද (2) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.


නවසීලන්ත ඉනිම අවසානයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භයට තවත් මිනිත්තු 85 ක පමණ කාළයක් වැයවූ අතර ඕස්ට්‍රේලියාවට ඕවර 36 කදී ලකුණු 235 ක ඉලක්කයක් හිමිවිය. තරගය ආරම්භවුවද ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕවර නවයක් අවසානයේ ලකුණු 53 කට කඩුලු තුනක් අහිමිකරගෙන සිටියදී නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත විය. මිනිත්තු 30 ක් බලාසිටියද වර්ෂාවේ අඩුවීමක් සිදුනොවීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
 

නවසීලන්තය
මාටින් ගප්ටිල් - ඇ.මැක්ස්වෙල් ප.හේසල්වුඩ් 26
ලුක් රොන්ච් - ඇ.මැක්ස්වෙල් ප.හේස්ටින්ග් 65
කේන් විලියම්සන් - දුවද්දී දැවී ගියා 100
රොස් ටේලර් - ඇ.හෙන්රිකස් ප.හේස්ටින්ග් 46
නීල් බෲම් - ඇ.මැක්ස්වෙල් ප.හේසල්වුඩ් 14
ජේම්ස් නීශාම් - ඇ.වෝනර් ප.හේසල්වුඩ් 6
කොරී ඇන්ඩර්සන් - ඇ.හෙන්රිකස් ප.කමින්ස් 8
මිචෙල් සැන්ටර් - ඇ.ස්මිත් ප.හේසල්වුඩ් 8
ඇඩම් මිලන් - ඇ.මැක්ස්වෙල් ප.හේසල්වුඩ් 11
ටිම් සවුති - නොදැවී 0
ට්‍රෙන්ට් බෝල්ට් - ඇ.වේඞ් ප.හේසල්වුඩ් 0
අතිරේක (පා-4, ව-3) 7
එකතුව ඕවර 45 කදී සියලුදෙනා දැවී     291
කඩුලු වැටීම 
1-40 (ගප්ටිල්), 2-117 (රොන්ච්), 3-216 (ටේලර්), 4-254 (විලියම්සන්v), 5-257 (බෲම්), 6-267 (ඇන්ඩර්සන්), 7-270 (නීශාම්), 8-291 (මිලන්), 9-291 (සැන්ටර්), 10-291 (බෝල්ට්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 9-0-52-0 ව-2
ජෝෂ් හේසල්වුඩ් 9-0-52-6 ව-1
පැට් කමින්ස් 9-0-67-1  
ජෝන් හේස්ටින්ග් 9-0-69-2  
ට්‍රැවිස් හෙඩ් 4-0-22-0  
මොයිසස් හෙන්රිකස් 5-0-25-0  
ඕස්ට්‍රේලියාව
ඩේවිඩ් වෝනර් - ඇ.රොන්චි ප.බෝල්ට් 18
ඒරන් ෆින්ච් - ඇ.ටේලර් ප.මිලන් 8
ස්ටීවන් ස්මිත් - නොදැවී 8
මොයිසස් හෙන්රිකස් - ඇ. සහ ප.මිලන් 18
අතිරේක (පා-1) 1
එකතුව ඕවර 9 කදී කඩුලු 3 ක් දැවී     53
කඩුලු වැටීම 
1-27 (වෝනර්), 2-35 (ෆින්ච්), 3-53 (හෙන්රිකස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ට්‍රැවිස් හෙඩ්, ග්ලෙන් මැක්ස්වෙල්, මැතිව් වේඞ්, ජෝන් හේස්ටින්ග්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජෝෂ් හේසල්වුඩ්.
පන්දු යැවීම
ටිම් සවුති 3-0-15-0  
ට්‍රෙන්ට් බෝල්ට් 4-0-28-1  
ඇඩම් මිලන් 2-0-9-2  

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 291 ක් රැස්කිරීමට සමත් විය. කේන් විලියම්සන්ගේ ශතකය හමුවේ ලකුණු 300 සිමාවට ආසන්න වුවද, ජෝෂ් හේසල්වුඞ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එම සිමාව ඉක්මවා යෑමට නවසීලන්ත කණ්ඩායමට අවස්ථාවක් හිමි නොවීය.


ලකුණු 100 ලබා සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවීයෑමකට හසුවන විට පන්දු 97 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් සිය ඉනිමට එක්කර ගැනීමට කේන් විලියම්සන් සමත්ව සිටියේය. දෙවැනි කඩුල්ල සදහා ලුක් රොන්චි සමග එක්ව පන්දු 60 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ විලියම්සන්, තෙවැනි කඩුල්ල සදහා රොස් ටේලර් සමග එක්ව පන්දු 109 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  


ජෝන් හාස්ටින්ග්ගේ පන්දුවකට ග්ලෙන් මැක්ස්වෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ලුක් රොන්චි පන්දු 43 කදී ලකුණු 65 ක් රැස්කර ගෙන සිටියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ලුක් රොන්ච්ගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර නවයක් ඇතුළත් විය.


හතලිස් පස්වැනි වැනි ඕවරය ආරම්භවන විට කඩුලු 7 කට ලකුණු 286 ක් රැස්කරගෙන සිටි නවසීලන්තයට පහසුවෙන් ලකුණු 300 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව උදුරාගත් ජෝෂ් හේසල්වුඞ් අවසන් කඩුලු තුන දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගත්තේය.


දසවැනි ඕවරයේ තෙවැනි පන්දුව යැවීමෙන් අනතුරුව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 109 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වූ අතර නවසීලන්තයට ඕවර හතරක් අහිමි කළ විනිසුරුවරුවෝ තරගය ඕවර 46 කට සිමා කළහ. වර්ෂාව නිසා තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 67 ක් රැස්කරගෙන සිටියේය.


අදහස් (0)

ඕස්ට්‍රේලියා - නවසීලන්ත තරගයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.