Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔෂාන් - සහන් ශා. පීතර පිල බේරා ගනිති

ඔෂාන් - සහන් ශා. පීතර පිල බේරා ගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති 80 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ විසදුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (08) පස්වරුවේ තරගය අවසන් වන විට ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 181 ක් ලබා සිටියේය.

ඔෂාන් කරුණාරත්න (66) සහ සහන් නානායක්කාර (14) නවවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 60 ක සටන්කාමී සම්බන්ධතාව නිසා ශාන්ත පීතර විදුහලට ගෞරවය ආරක්‍ෂා කර ගැනීමේ අවස්ථාව උදාවිය.

‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ මහා ක‍්‍රිකට් තරග ඉතිහාසයේ ශාන්ත පීතර විදුහල වෙනුවෙන් නවවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාවයේ වසර 49 ක් පැරණි වාර්තාව බිද හෙළීමට මෙහිදී ඔෂාන් සහ සහන් සමත් වුහ. එහි පැරණි වාර්තාව 1965 වසරේ ටෝනි  ඕපාත (42) සහ රොඞ්නි පැටනොට් (23) ලකුණු 53 ක සම්බන්ධතාවක් පවත්වමින් පිහිටුවා තිබුණි.

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිමේදී ලකුණු 106 ක් ලබා සිටියදී ඉනිමේ 43 වැනි  ඕවරයේ පස්වැනි පන්දුවේදී අටවැනි කඩුල්ල බිද වැටුණු අතර එතැන් සිට ඕවර 23 ක් කඩුලූ ආරක්‍ෂා කර ගැනීමට ඔෂාන් සහ සහන් සමත් වූහ.

දකුණතින් පා දග පන්දු යවන අරවින්ද අකුරුගොඩ පන්දුව ගුවනට මුසුකරමින්, කඩුල්ලට පන්දු යවමින් ශාන්ත පීතර විදුහල් පිතිකරුවන් අසීරු තත්ත්වයකට ඇද දැමීය. අරවින්ද පළමු ඉනිමේදී දවාගත් කඩුලූ 6 ත් සමග ඉනිම දෙකේදී ලකුණු 116 කට කඩුලූ 9 ක් දවා ගැනීමට සමත් විය.

ශාන්ත පීතර විදුහල් පස්වැනි, හයවැනි සහ හත්වැනි කඩුලූ තුන ලකුණක් තුළ බිදවැටීම ඉනිම අඩපණ වීමට ප‍්‍රධාන හේතුව බවට පත්විය.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් චන්දුල ජයමාන්න, වමතින් පා දග පන්දු යවන මල්ෂාන් රොද්‍රිගුගේ පන්දුවකට අපරික්‍ෂාකාරි පහරක් ගැසීමට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 13 ක් ලබා සිටියදී දැවී ගියේය. ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිමේ පළමු කඩුලූ දෙක ලකුණු 8 ක් තුළ බිද වැටීමෙන් වේගවත් තරගයක් ලෙස පැවැති තරගය මන්දගාමී විය.

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 53 දී කඩුලූ 8 ක් දැවී ලකුණු 251 ක් රැස්කර ලකුණු 31 ක් පසු පසින් සිටියදී ඊයේ දිවා විවේකයේදී අත්හිටුවීය.

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ උප නායක සධීර සමරවික‍්‍රම ශාන්ත ජෝශප් විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 80 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 74 ක් ලබා සිටියදී දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පැතුම් මධුසංඛ පන්දු 124 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 72 ක් ලබා සිටියදී හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.  

සධීර සමරවික‍්‍රම සහ පැතුම් මධුසංඛ තෙවැනි කඩුල්ල සදහා ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

තනීෂ වීරකෝන් යැවූ ඉනිමේ 51 වැනි  ඕවරයට ෆේබියන් ප‍්‍රනාන්දු ලකුණු 22 ක් (6,6,4,6,0,0) රැස්කරමින් ශාන්ත ජෝශප් විදුහල ඉතාමත් ඉක්මනින් ලකුණු 250 දක්වා ගෙන ඒමට සමත් විය. ෆේබියන් ප‍්‍රනාන්දු පන්දු 32 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස් කළේය.

වමතින් පා දග පන්දු යවන සහන් නානායක්කාර දක්‍ෂ පන්දු යැවීමක නිරක වෙමින් ලකුණු 50 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.  


ලකුණු පුවරුව


ශාන්ත පීතර විදුහල - පළමු ඉනිම
දිනෙත් තිමෝද්‍ය - ඇ. ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ ප. ෆේබියන් ප‍්‍රන්නදු    10
   හෂාන් වනසේකර - ඇ. කල්ප රවිහාර ප. හෂීන්ද්‍ර පෙරේරා     18
    ජනිත් ලියනගේ - ක. මූ. කළා ප. යෂාන් සමරසිංහ    80
    චන්දුල ජයමාන්න - ඇ. සහ ප.  අරවින්ද අකුරුගොඩ    116
    කාවින්ද ද තිසේරා - ඇ. ප‍්‍රියමාල් පෙරේරා ප. අරවින්ද අකුරුගොඩ    14
    සචින් දල්පදාදු - ඇ. ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ ප. අරවින්ද අකුරුගොඩ    10
    තනීෂ වීරකෝන් - ස්ටම්ප් කල්ප රවිහාර ප. අරවින්ද අකුරුගොඩ    0
    චෙමිල ඔබේසේකර - දුවද්දී දැවී ගියා     20
    ඔෂාන් කරුණාරත්න - ක. මූ. කළා ප. අරවින්ද අකුරුගොඩ    0
    සහන් නානායක්කාර - ස්ටම්ප් කල්ප රවිහාර ප. අරවින්ද අකුරුගොඩ    2
    නවීන් දර්ශන - නොදැවී     1    
    අතිරේක    11
    එකතුව  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී    282

කඩුලූ වැටීම:
1-27(දිනෙත් වනසේකර), 2-44(හෂාන් වනසේකර), 3-195(ජනිත් ලියනගේ), 4-224(කාවින්ද ද තිසේරා), 5-238(සචින් දල්පදාදු), 6-240(තනීෂ වීරකෝන්), 7-265(චන්දුල ජයමාන්න), 8-265(ඔෂාන් කරුණාරත්න), 9-271(සහන් නානායක්කාර), 10-282(චෙමිල ඔබේසේකර)

පන්දු යැවීම:
ෆේබියන් ප‍්‍රනාන්දු: 9-0-48-1, ටි‍්‍රෂාන් තනූජ: 8-1-34-0, හෂින්ද්‍ර පෙරේරා: 9-0-43-1, මල්ෂාන් රොද්‍රිගු: 3-0-13-0, අරවින්ද අකුරුගොඩ: 18-2-75-6, පැතුම් මධුසංඛ: 1-0-10-0, ප‍්‍රියමාල් පෙරේරා: 2-0-11-0, යෂාන් සමරසිංහ: 9.5-0-48-1

 


ශාන්ත ජෝශප් විදුහල - පළමු ඉනිම


යෂාන් සමරසිංහ - ප. ජනිත් ලියනගේ     8    
ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ - ඇ. සචින් දල්පදාදු ප. චෙමිල ඔබේසේකර     0
සධීර සමරවික‍්‍රම - ප. නවීන් දර්ශන     74
පැතුම් මධුසංඛ - ප. සහන් නානායක්කාර     72
ප‍්‍රියමාල් පෙරේරා - ඇ. ජනිත් ලියනගේ ප. සහන් නානායක්කාර     33
කල්ප කල්හාර - ඇ. ඔෂාන් කරුණාරත්න ප. සහන් නානායක්කාර     4
ෆේබියන් ප‍්‍රනාන්දු - නොදැවී     42
හෂීන්ද්‍ර පෙරේරා - ඇ. සහන් නානායක්කාර ප. තනීෂ වීරකෝන්     7
අරවින්ද අකුරුගොඩ - ඇ. කාවින්ද ද තිසේරා ප. සහන් නානායක්කාර    3
ටි‍්‍රෂාන් තනූජ - නොදැවී     2
අතිරේක      6
එකතුව  ඕවර 53 කදී කඩුලූ 8 ක් දැවී     251

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
මල්ෂාන් රොද්‍රිගු,

කඩුලූ වැටීම:
1-04(ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ), 2-39(යෂාන් සමරසිංහ), 3-114(සධීර සමරවික‍්‍රම), 4-177(ප‍්‍රියමාල් පෙරේරා), 5-193(කල්ප කල්හාර), 6-204(පැතුම් මධුසංඛ), 7-221(හෂීන්ද්‍ර පෙරේරා), 8-224(අරවින්ද අකුරුගොඩ)

පන්දු යැවීම:
චෙමිල ඔබෙසේකර: 9-1-38-1, ජනිත් ලියනගේ: 11-1-47-1, නවීන් දර්ශන: 11-0-48-1, සහන් නානායක්කාර: 13-4-50-4, තනීෂ වීරකෝන්: 5-0-43-1, චන්දුල ජයමාන්න: 4-0-24-0

 


ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම


දිනෙත් තිමෝද්‍ය - ක. මූ. කළා ප. ෆේබියන් ප‍්‍රනාන්දු    1
හෂාන් වනසේකර - ස්ටම්ප් කල්ප රවිහාර ප. අරවින්ද අකුරුගොඩ    35     
ජනිත් ලියනගේ - ප. ෆේබියන් ප‍්‍රනාන්දු    4
චන්දුල ජයමාන්න - ප. මල්ෂාන් රොද්‍රිගු     13
කාවින්ද ද තේසේරා - ඇ. සධීර සමරවික‍්‍රම ප. අරවින්ද අකුරුගොඩ    22
සචින් දල්පදාදු - ක.මු.කළා ප. අරවින්ද අකුරුගොඩ    6
තනීෂ වීරකෝන් - ඇ. ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ ප. මල්ෂාන් රොද්‍රිගු     1
චෙමිල ඔබේසේකර - ඇ. කල්ප රවිහාර ප. ෆේබියන් ප‍්‍රනාන්දු    9    
ඔෂාන් කරුණාරත්න - ඇ. හෂින්ද්‍ර පෙරේරා ප. ප‍්‍රියමාල් පෙරේරා    66
සහන් නානායක්කාර - ඇ. ෆේබියන් ප‍්‍රනාන්දු ප. මල්ෂාන් රොද්‍රිගු    14
නවීන් දර්ශන - නොදැවී     0
අතිරේක    10
එකතුව  ඕවර 68.3 කදී සියලූ දෙනා දැවී     181


කඩුලූ වැටීම:
1-02(දිනෙත් තිමෝද්‍ය), 2-08(ජනිත් ලියනගේ), 3-30(චන්දුල ජයමාන්න), 4-68(කාවින්ද ද තිසේරා), 5-86(සචින් දල්පදාදු), 6-87(හෂාන් වනසේකර), 7-87(තනීෂ වීරකෝන්), 8-106(චෙමිල ඔබේසේකර), 9-166(සහන් නානායක්කාර), 10-181(ඔෂාන් කරුණාරත්න)


පන්දු යැවීම:
ෆේබියන් ප‍්‍රනාන්දු: 9-3-26-3, ටි‍්‍රෂාන් තනූජ: 5-1-14-0, මල්ෂාන් රොද්‍රිගු: 14-5-38-3, යෂාන් සමරසිංහ: 4-1-11-0, හෂීන්ද්‍ර පෙරේරා: 13-5-34-0, අරවින්ද අකුරුගොඩ: 20-5-41-3, පැතුම් මධුසංඛ: 2-0-06-0, සධීර සමරවික‍්‍රම: 1-1-00-0, ප‍්‍රියමාල් පෙරේරා: 0.3-0-04-1,

 


අදහස් (0)

ඔෂාන් - සහන් ශා. පීතර පිල බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.