Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිවියර් - ලිං ඉර් අයන් මෑන් 70.3 ශූරතා දිනති

ඔලිවියර් - ලිං ඉර් අයන් මෑන් 70.3 ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 63 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 880 ක් පමණ සහභාගි වූ ‘අයන් මෑන් 70.3’ තුන් ප්‍රයාම තරගයේ පිරිමි ශූරතාව දිනාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියර් ගොඩාර්ට් සමත් විය. සිංගප්පුරුවේ ලිං ඉර් චෝ එහි කාන්තා ශූරතාව දිනාගැනීමට සමත් වූවාය.

පිරිමි තරගය ජයගත් ඔලිවියර් ගොඩාර්ට් මිනිත්තු 28:34 කින් පිහිනීම අවසන් කළ අතර පැය 2:08:55 කින් පා පැදිය පැද යා යුතු කොටස අවසන් කළේය. පසුව පැය 1:25:55 කින් මාර්ග ධාවනය අවසන් කළේය.

මිනිත්තු 32:49 කින් පිහිනීම අවසන් කළ ලිං ඉර් චෝ කාන්තා තරගය ජයගත්තේ පැය 2:26:17 කින් පා පැදි පැදයා යුතු කොටසත් පැය 1:41:12 කින් මාර්ග ධාවනයත් අවසන් කරමිනි.

ඉතාලියේ ඬේවිඞ් රොසෙටි පිරිමි අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ගේබි්‍රයෙල් එහි තෙවැනි ස්ථානයට පත් විය. රුසියාවේ උෂකෝවා ස්වෙට්ලනා සහ ඕස්ට්‍රේලියාවේ බ්‍රිටනි කැම්බල් පිළිවෙලින් කාන්තා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

අදිරය තුනකින් සමන්විත වූ මෙම තරගයේදී තරගකරුවන්ට ගාලු මුවදොර අබියසද මුහුදේ කිලෝ මීටර් 1.9 ක දුරක් පිහිනීමටත්, කොළඹ කොටුව වටා කිලෝ මීටර් 21.1 ක දුරක් දිවීමටත්, කිලෝ මිටර් 90 ක දුරක් පා පැදියක් පැද යෑමටත් සිදුවිය.

‘ප්‍රෝ ඇම් සෙරන්ඩිබ්’ සමාගම සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කළ අතර මාස් සමාගම, ශ්‍රැංග්‍රිලා හෝටලය, හේලීස් ආයතනය, ඩිල්මා තේ සමාගම, සෙලින්කෝ රක්ෂණ ආයතනය සහ ආසිරි සෞඛ්‍ය සේවය තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය.

පහත සඳහන් තරග ප්‍රතිඵල ඒ ඒ තරගකරුවන් පිළිවෙලින් පිහිනීමේ අදියර, පා පැදි අදියර සහ මාර්ග ධාවන අදියර අවසන් කිරීම සඳහා ගත කළ කාලයන්ට අනුව පෙළගස්වා තිබේ.


පිරිමි තරග ප්‍රතිඵල
ඔලිවියර් ගොඩාර්ට් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)  - මිනිත්තු 28:34/පැය 2:08:55/පැය 1:25:55
ඬේවිඞ් රොසෙටි (ඉතාලිය) - මිනිත්තු 28:59/පැය 2:16:22/පැය 1:34:39
ෆ්‍රැන්සිස්කෝ ගේබි්‍රයෙල් (ස්පාඥ්ඥය) - මිනිත්තු 30:53/පැය 2:21:42/පැය 1:29:44


කාන්තා තරග ප්‍රතිඵල
ලිං ඉර් චෝ (සිංගප්පුරුව) - මිනිත්තු 32:49/පැය 2:26:17/පැය 1:41:12
උෂකෝවා ස්වෙට්ලනා (රුසියාව) - මිනිත්තු 27:27/පැය 2:32:02/පැය 1:44:16
බ්‍රිටනි කැම්බල් (ඕස්ට්‍රේලියාව) - මිනිත්තු 28:59/පැය 2:38:12/පැය 1:49:58

 

ඡායාරූප - කුෂාන් පතිරාජ


- 036

තරගයේ විශේෂ අවස්ථා ...


අදහස් (0)

ඔලිවියර් - ලිං ඉර් අයන් මෑන් 70.3 ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.