
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තමන්ට සිටින හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා කැඳවීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබේ. බුම්රා නැවත කණ්ඩායමට එක්වන්නේ පිටකොන්දේ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවය.
මෙම පිටකොන්දේ ආබාධය හේතුවෙන් බුම්රාට පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.
මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා නොකරයි. විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා නොකරන නායක රෝහිත් ෂර්මා, හිටපු නායක විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් ද එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතයට කැඳවා තිබේ.
“බුම්රා නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමේ සිටිනවා. ඔහු ඉතාම ඉක්මනින් ඉන්දීය කණ්ඩායම හා එක්වේවි” යයි ඉන්දියාවේ ජාතික ක්‍රිකට් විද්‍යායතනය විසින් නිවේදනය කර තිබේ.
යෝකර් පන්දු යැවීමේ රුසියකු වන බුම්රාට අමතරව මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උම්රන් මලික් සහ අර්ශ්දීප් සිං ද ඉන්දීය වේග පන්දු යවන්නන් අතර සිටිති.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරග තුන මේ මස 10, 12 සහ 15 දිනවලදී පැවැත්වෙයි.
ඉන්දීය එක්දින සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මන් ගිල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල් (කඩුලු රකින්නා), ඉෂාන් කිෂන් (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), වොෂිංටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, අක්ෂර් පතෙල්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උම්රන් මලික් සහ අර්ශ්දීප් සිං
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.