Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින තරගයේ ජය ශා.සෙබස්තියන් පිලට

එක්දින තරගයේ ජය ශා.සෙබස්තියන් පිලට

ශනුක අරවින්ද - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැති 68 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පන්දු 23 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ තරුෂ ප්‍රනාන්දු (නොදැවී 52) එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය. ජනිෂ්ක පෙරේරා නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් සෙබස්තියන් විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා තරුෂට අනගි සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 40 ක් රැස්කළේය. එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ප්‍රවීන් ජයවික්‍රම සහ ප්‍රවීන් කුරේ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දක්සම් දැක්වූහ.

වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 163
(ප්‍රින්ස් ප්‍රනාන්දු 40, සනෝජ් ධර්ෂික 38, ප්‍රවීන් ජයවික්‍රම 21/2, ප්‍රවීන් කුරේ 20/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 46.1 කදී කඩුලු 4 ක් දැවී 166
(තරුෂ ප්‍රනාන්දු නොදැවී 52, ජනිෂ්ක පෙරේරා නොදැවී 34, විෂ්ව චතුරංග 32/2)

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

එක්දින තරගයේ ජය ශා.සෙබස්තියන් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.