Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයට වරින් වර වර්ෂාවෙන් ඇතිවූ බාධා හමුවේ පස්වැනි සහ අවසන් දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.
එංගලන්තයේදී තරගාවලියක් පරාජය නොවී සිටිමින් පාකිස්තානය වසර 10 ක් පුරා පවත්වාගෙන පැමිණි වාර්තාව මේ අනුව බිඳ වැටුණි.
තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය පුරා පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාද වූ අතර ඕවර 27.1 කට සීමාවිය. තරගයේ අවසන් පැය ආරම්භවීමෙන් පසුව එක් පන්දුවක් පමණක් යැවූ අතර දෙපිළේම කැමැත්ත මත තරග අවසන් කිරීමට කණ්ඩායම් නායකයෝ තීරණය කළහ.
දවස පුරා වර්ෂාව පැවැතීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණයට වඩා ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 600 ක් ලබාගැනීමේ අවස්ථාව නැරඹීමට සියලුදෙනා පුල පුලා බලා සිටි අතර එම අවස්ථාව ඔවුන්ට ලබා දෙමින් තරගය ආරම්භවී හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී පාකිස්තාන නායන අසාර් අලී දවා ගැනීමට ඇන්ඩර්සන් සමත්විය.
තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 187 ක් රැස්කර සිටි අතර බාබර් අසාම් ලකුණු 63 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර අනෙක් අන්තයේ සිටි ෆවාඩ් අලාම් ලකුණු රැස්කිරීම ආරම්භ කර නොතිබුණි.
ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩපන්දුවක් දෙමින් අසාර් අලී දැවී යනවිට ලකුණු 31 ක් ලබා සිටියේය. පන්දු 114 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි අසාර් අලීගේ ඉනිමට හතරේ පහර 2 ක්ද ඇතුළත් විය.
ඊයේ දිනයේ දැවී ගිය දෙවැනි කඩුල්ල වූ අසාද් ශාෆීක්ගේ කඩුල්ල හිමිකර ගැනීමට ජෝ රූට් සමත්විය. ලකුණු 21 ක් ලබාසිටියදී අසාද් ශාෆීක් විසින් අතිරේක ක්‍රීඩක ජේම්ස් බ්‍රේසී අතට උඩපන්දුවත් දෙමින් දැවී ගියේය.
එංගලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 583
පාකිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 273
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 187
(අබිඩ් අලී 42, අසාර් අලී 31, බාබර් අසාම් නොදැවී 63, අසාද් ශාෆික් 21, ජේම්ස් ඇන්ඩර්සන් 45/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.