Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ආපසු සියරට කැඳවීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය අතර මග නවතා දමා එංගලන්ත කණ්ඩායම ලබාගත හැකි පළමු ගුවන් යානයෙන්ම ආපසු සියරට බලා යාමට තීරණය කර තිබේ.
එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීම මත තරගාවලිය දින නියමයකින් තොරව කල්දමන ලද බවත් ඉතාම ඉක්මනින් මෙම තරගාවලිය පැවැත්වීම සඳහා නැවතත් දින වකවානු යොදා ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (13 වැනිදා) දහවල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දෙරට අතර ටෙස්ට් තරගාවලිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම ඊයේ (12 වැනිදා) වන තුරුත් සුභවාදීව සිටියද කෝවිඩ් - 19 වසංගතය එංගලන්තයේ පැතිරීයාම ඉතාම භයානක තත්ත්වයකට පත්ව ඇති බැවින් එංගලන්ත ක්‍රීඩකයෝ තම තමන්ගේ පවුල්වල උදවිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ අසහනයට පත්ව සිටිති. එම තත්ත්වය අනුව එංගලන්ත ක්‍රීඩකයන්ගේ ඉල්ලීම වී ඇත්තේ හැකි ඉක්මනින් තම තමන්ගේ පවුලේ උදවිය සමග එක්වීම සඳහා නැවතත් සියරට යා යුතු බවයි.
බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 10,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එරට සෞඛ්‍ය බලධාරීහු අද (13) කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ඉහළ අවදානමක් ඇති වසංගත තත්ත්වයක් ලෙස නම්කර තිබේ.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසා සිටියේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය, "මේ යුගයේ ඇතිවුණු දරුණුතම මහජන සෞඛ්‍ය අර්බුදය” බවයි.
අද (13) වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති අතර 600 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.
මෙම තත්ත්වයට අමතරව ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය නැරඹීමට සාම්ප්‍රදායිකව පැමිණෙන එංගලන්ත ක්‍රිකට් ලෝලීන් පිරිසට (බාමි ආමි) ඇතුළත් 1600 ක් පමණ දෙනා ශ්‍රී ලංකාවට පැමිණිම වළක්වා ගැනීමේ තදබල අවශ්‍යතාවක්ද ශ්‍රී ලංකාවට තිබිණ. මෙම පිරිසට ක්‍රිකට් ලෝලීන් 4000 ක් පමණ ඇතුළත්ව සිටි නමුත් පසුව එයින් 1800 ක් පමණ දෙනා සිය ගමන් අවලංගු කරනු ලැබ තිබිණ. එහෙත් තවත් 2000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමින් සිටියහ.
කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් මේ වන විට ලෝකය පුරා ක්‍රීඩා තරගාවලි රැසක්ම අවලංගු කර ඇති අතර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවැති එක්දින තරගය නරඹන්නන් නැතිව පැවැත්වීය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ මස 16 සහ 18 වැනිදා පැවැත්වීමට නියමිත එක්දින තරග දෙකක්ද අවලංගු කරන ලදි.
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි පෙරහුරු තරගය අද (13 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද තේ පානයෙන් පසුව තරගය අතහැර දමන ලදි.
කෙසේ වෙතත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් වන බැවින් දෙරට අතර තරගාවලිය සඳහා ඉදිරියේ දින වකවානු යොදාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.