Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී හදිසියේම කල් දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරි මාසයේදී පැවැත්වේ. මේ සඳහා විශේෂයෙන්ම වෙන්කරවාගත් ගුවන් යානයකින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගිය හමුවිය. ඒ සමගම වාගේ කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය ආරම්භ විය. පසුව එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ නොකරම ආපසු සියරට බලා ගියේය.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු පුවරුව අනුව එංගලන්ත කණ්ඩායම 3 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේත් සිටිති. නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මේ වන විට නවසීලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියකි.
ලබන ජනවාරි 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සුපුරුදු පරිදි කටුනායකට නොපැමිණ කෙළින්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා පියාසර කරනු ඇත. ජනවාරි 5 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කරයි.
ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ආපසු සියරට බලා යාමට තීරණය කළේය. එංගලන්ත කණ්ඩායමේ මෙම තීරණයත් සමගින් ශ්‍රී ලංකා සංචාරයට දින නියම වීම ඉක්මන් විය.
තරග කාල සටහන
ජනවාරි 5 - 9 : එංගලන්ත කණ්ඩායම් පුහුණු සැසි, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
ජනවාරි 14 - 18 : පළමු ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජනවාරි 22 - 26 : දෙවන ටෙස්ට් තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.