Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ පැවැති තරගයකදී සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 203 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව අද (6 වැනිදා) සමත්විය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය විශාකාපත්නම්හිදී පැවැත්විණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 395 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි. සිවුවැනි දිනයවූ ඊයේ (5 වැනිදා) තරගය අවසන් කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 11 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.
මුල් පෙළ පිතිකරුවන් දෙදෙනකු ලකුණු 20 ක් තුල පිටියෙන් ඉවත් කරමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කිරීමට රවින්ද්‍ර ජඬේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත්වූහ. ඉන්පසු පන්දුව අතටගත් වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ශාමී මැද පෙළ පිතිකරුවන් තිදෙනකු පිටියෙන් ඉවත් කරනවිට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 60 ක් ලෙස දිස්විය.
දකුණු අප්‍රිකානු ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විටදී නැවතත් දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ රවින්ද්‍ර ජඬේජා 27 වැනි ඕවරයේ පළමු, සිවුවැනි සහ පස්වැනි පන්දු වලදී කඩුලු 3 ක් දවාගනිමින් පිතිකරුවෝ දණ ගැස්සවීමට සමත්විය.
ලකුණු 70 ක් තුල පිතිකරුවන් 8 දෙනෙකු දැවී ගියද ඬේන් පීඞ්ට් සමගින් එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 91 ක සම්බන්ධතාවයක්ද කගීසෝ රබාඩා සමගින් එක්ව අවසන් කඩුල්ල සඳහා තවත් ලකුණු 30 ක සම්බන්ධතාවයක්ද පවත්වමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට සෙනුරන් මුතුසාමී සමත්විය.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි සෙනුරන් මුතුසාමී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කළ අතර සිය මංගල අර්ධ ශතකය (56) ලබාගැනීමට ඬේන් පීඞ්ට් සමත්විය. පන්දු 107 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් දැවීයන විට ලකුණු 39 ක් රැස්කර සිටියේය.
පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින්ට දෙවැනි ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. පළමු ඉනිමේදී කඩුලු ලබානොගත් මොහොමඞ් ශාමී දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඉනිම දෙකෙහිදීම කඩුලු 6 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට රවින්ද්‍ර ජඬේජා සමත්විය.
ඉනිම දෙකෙහිදිම ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රෝහිත් ශර්මා තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 502
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 431
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 323
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 191
(ඒඞ්න් මාක්‍රම් 39, සෙනුරන් මුතුසාමී නොදැවී 49, ඬේන් පීඞ්ට් 56, රවින්ද්‍ර ජඬේජා 87/4, මොහොමඞ් ශාමී 35/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.