Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දිකගෙන් රිදී පදක්කමක්

ඉන්දිකගෙන් රිදී පදක්කමක්

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (6 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය.

ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137 ක් එසවූ ඉන්දික, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි.

අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 163) අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවූ අතර ඔහුට එහි රන් පදක්කම අහිමිවූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වේල්සයේ ගැරිත් එවන්ස් (කිලෝ ග්‍රෑම් 299) සමත් වූ අතර එහි රිදී පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් (කිලෝ ග්‍රෑම් 295) සතුවිය.

අද පැවැති කාන්තා බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ සිවුවැනි ස්ථානයට පත්වීමට චමරි වර්ණකුලසූරිය සමත් වූවාය. අවසන් අවස්ථාවට පෙර අවස්ථාවේදී කිලෝ ග්‍රෑම් 99 ක් එසවීමට ගත් උත්සාහය මෙන්ම අවසන් අවස්ථවේදී කිලෝ ග්‍රෑම් 104 ක් එසවීමට ගත් උත්සාහයද අසාර්ථක වීම නිසා ඇයට එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

ස්නැච් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 78 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 94 ත් සමග එහිදී චමරි එසවූ මුලු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 172 කි. එය ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩිකාව එසවූ මුලු බරට වඩා කිලෝ ග්‍රෑම් 3 ක් අඩුවීමකි.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියවේ චානු කුමුක්චම් (කිලෝ ග්‍රෑම් 192) සමත් වූ අතර පැපුවා නිවුගිනියාවේ ලෝවා ඩිකා (කිලෝ ග්‍රෑම් 182) රිදී පදක්කමට හිමිකම් කීවාය. එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලද්දේ කිලෝ ග්‍රෑම් 181 ක බරක් එසවූ කැනඩාවේ රචෙල් ලෙබ්ලන්ස් විසිනි.

කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 58 බර පංතිය යටතේ තරග වැදුණ නදීෂා රාජපක්ෂට හිමිවූයේ එහි 10 වැනි ස්ථානයයි. ස්නැච් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 66 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 94 ත් සමග එහිදී ඇය එසවූ මුලු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 160 කි.

 

-036


අදහස් (0)

ඉන්දිකගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.