Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්තානුවෝ 24 ක් පුහුණුවට ඩුබායි යති

ඇෆ්ඝනිස්තානුවෝ 24 ක් පුහුණුවට ඩුබායි යති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස අගදී පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සඳහා වන කණ්ඩායම තෝරාගැනීම සඳහා 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සංචිතයට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති එක්දින තරඟාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් මෙන්ම පසුගිය වසර දෙකේ සිට දේශීය තරඟාවලියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද ඇතුළත් වෙති.

මෙම සංචිතයේ ක්‍රීඩකයෝ වැඩිදුර පුහුණුවීම් කිරීම සඳහා අද (12 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යති. එහිදී ආරම්භ වන ඔවුන්ගේ සූදානම් වීමේ කඳවුර හෙට (නොවැම්බර් 13) සිට 21 වැනිදා දක්වා පැවැත්වෙයි. පසුව ඔවුන් 22 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.

ඇෆ්ඝනිස්තානු තේරීම් කමිටු ප්‍රධානී නූර් උල් හක් මලික්සායි ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පුහුණු කඳවුර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වීමට ගන්නා පියවරක් බවයි.

“අපි ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිතිපතා නිරීක්ෂණය කරනවා. ඔවුන් අතරින් හොඳම අය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා තෝරා ගන්නවා” යයි  මලික්සායි වැඩිදුරටත් පැවසීය.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරග තුනම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත් තරග තුනකි.


24 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්ථානු සංචිතය
හෂ්මතුල්ලා ෂාහිඩ් (නායක), රහ්මත් ෂා (උප නායක), රමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, ෂහිදුල්ලා කමල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබි, ගුල්බදීන් නයිබ්, රෂීඩ් ඛාන්, මුජීබුර් රහමාන්, සියාවුර් රහමන් අක්බාර්, නූර් අහමඩ්, ෆයිසාල් හක් ෆාරුක්, ෆරීඩ් අහමඩ්, යමින් අහමඩ්සායි, නිජාත් මසූඩ්, අස්මතුල්ලා ඔමර්සායි, ක්වායිස් අහමඩ්, ඊබ්‍රහිම් අබ්දුල්රහීම්සායි, අබ්දුල් රහමන්, ෂරාෆුඩීන් අශ්රෆ් සහ බෂීර් ෂා මහබුබ්

- 213


අදහස් (0)

ඇෆ්ඝනිස්තානුවෝ 24 ක් පුහුණුවට ඩුබායි යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.