Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇලිසා හීලිගෙන් නව ලෝක වාර්තාවක්

ඇලිසා හීලිගෙන් නව ලෝක වාර්තාවක්

යොහාන් භාසුර - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විස්සයි20 කාන්තා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකාරීනිය වන ඇලිසා හීලි, ශ්‍රී ලංකාවට එරෙහිව සිඞ්නිහිදී අද (02) පැවැති විස්සයි20 තරගයේදී නොදැවී ලකුණු 148 ක් රැස්කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. ඇලිසා හීලි රැස්කළ මෙම ලකුණු 148 විස්සයි20 ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගයකදී පිතිකාරිනියක් ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
 
ඕස්ට්‍රේලියානු පිතිකාරීනි මෙග් ලැනින් මෙම වසරේ ජූලි මස එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 133 ක් රැස්කරමින් මීට පෙර ඉහළතම ඉනිම වාර්තාවට හිමිකම් කීවාය.
 
ඇලිසා හීලි මෙම වාර්තාගත ඉනිමේදී පන්දු 61 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 148 ක් රැස් කළාය. සිය අර්ධ ශතකය පන්දු 25 කින් සම්පූර්ණ කළ ඇය ශතකය පන්දු 46 කින් ලබාගත්තාය.
 
දකුණත් පිතිකාරීනියක වන 29 හැවිරිදි ඇලිසා හීලිගේ පළමු විස්සයි20 ශතකය මෙය වීම ද කැපී පෙනේ. කඩුලු රකින්නිය ද වන ඇලිසා මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 101 කට ක්‍රීඩා කර තිබේ.
   
ක්‍රිකට් පවුලක සාමාජිකාවක් වන ඇලිසා හීලි, ඕස්ට්‍රේලියානු පිලේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයකු වන ඉයන් හීලිගේ ඥාාති දියණියකි. ඇලිසා හීලි, වත්මන් ඕස්ට්‍රේලියානු පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ගේ බිරිඳ ද වන්නීය.                                                   

                                                                       
විස්සයි20 කාන්තා ශතක ලාභිණියෝ

  ඡායාරූප අනුග්‍රහය-ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය


අදහස් (0)

ඇලිසා හීලිගෙන් නව ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.