Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇලන්ගේ වාර්තාගත ඉනිමෙන් නවසීලන්තයට ජය

ඇලන්ගේ වාර්තාගත ඉනිමෙන් නවසීලන්තයට ජය

editorial - 2024 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩනෙඩින්හි සරසවි ක්‍රීඩාංගණයේ දී අද (17 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 62 කින් ලකුණු 137 ක් රැස් කිරීමත් සමඟ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන වි-20 තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයගැනීමට නවසීලන්තය සමත් විය. තරග පහකින් සමන්විත තරගාවලියේ තුන්වැනි තරගයේදී නවසීලන්තය ලකුණු 45 ක ජයක් අත්කර ගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 7 කට ලකුණු 224 ක් ලබාගත් අතර පාකිස්තානු පිල ලකුණු 179 කට සීමා කළේය. පළමු තරග දෙකේදී පිළිවෙළින් ලකුණු 46 කින් සහ ලකුණු 21 කින් ජයගෙන සිටි නවසීලන්තය මේ වන විට 3-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. 

දෙවැනි තරගයේදීත් පන්දු 41 කින් ලකුණු 74 ක් ලබා ගත් ෆින් ඇලන් අද පැවැති තරගයේදී  හයේ පහර 16 ක් සහ හතරේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. එය ඇෆ්ගනිස්ථානයේ හස්රතුල්ලා සසායි විසින් තබා තිබූ ඉනිමක වැඩම හයේ පහර සංඛ්‍යාවේ (16) ලෝක වාර්තාව සම කිරීමක් ද විය. 

ෆින් ඇලන් ලබාගත් ලකුණු 137 වි-20 ජාත්‍යන්තර තරගයකදී නවසීලන්ත ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. බ්‍රෙන්ඩන් මැකලම් විසින් මීට පෙර පිහිටුවා තිබූ හොඳම විස්සයි-20 ඉනිම වූයේ ලකුණු 123 කි. 
ඩෙවොන් කොන්වේ ලකුණු 07 කට දැවී යාමෙන් පසුව, ෆින් ඇලන් සහ ටිම් සේෆර්ට් දෙවැනි කඩුල්ලට ලකුණු 125 ක සබඳතාවක් ගොඩනැඟූහ. සේෆර්ට් ලකුණු 31 ක් පමණක් ලබා ගත් නමුත් ඇලන් වඩාත් ආක්‍රමණශීලී විය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කිසිවිටෙක නියමිත ලකුණු වේගය වූ 11.25 ට ආසන්න වන බවක් නොපෙනුණි. ඔවුන් 11 වැනි ඕවරයේදී කඩුලු 2ක් දැවී ලකුණු 95 කට ළඟා වූ නමුත් අවසන් ඕවර 10 දී ලකුණු 84 කට කඩුලු 10 ක් බිඳ වැටිණ. බබාර් අසාම් පන්දු 37 කදී ලකුණු 58ක් රැස්කළ අතර මොහොමඞ් නවාස් 15කින් ලකුණු 28ක් ලබාගත්තේය.

 

නවසීලන්තය - ඕවර 20 කදී කඩලු 7 ට 224 යි
(ෆින් ඇලන් 137, ටිම් සේෆර්ට් 31, ග්ලෙන් පිලිප්ස් 19, හාරිස් රවුෆ් 60/2)

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 ට 179 යි
(සයිම් අයුබ් 10, මොහොමඞ් රිස්වාන් 24, බාබර් අසාම් 58, ෆාකර් සමාන් 19, අසාම් ඛාන් 10, මොහොමඞ් නවාස් 28, ශහීන් ෂා අෆ්රීඩි නොදැවී 16, ටිම් සවුති 29/2)


- 213


අදහස් (0)

ඇලන්ගේ වාර්තාගත ඉනිමෙන් නවසීලන්තයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.