Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රීඩාලෝලීන්ට ඇඟිලි තුඩින් ඉස්සි ඉස්සී බැලීමට සිදුවනු ඇතැයි ඔට්ටු තැබිය හැකි ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (25) පස්වරු 4.30ට සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායම ලෙස අවිවාදයෙන් තොරව හැඳින්විය හැකි මහනුවර ක්‍රීඩා සමාජය සහ ඔවුන්ට අභියෝග කිරීමට තරම් සටන්කාමීත්වයෙන් යුතු නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන මේ තරගය මෑත කාලයේ ක්ලිෆර්ඞ් කුසලාන අවසාන මහා තරග ඉතිහාසයේ වඩාත් උණුසුම් තරගයක් වනු ඇතැයි නිසැකයෙන්ම කිව හැකිය.
අපරාජිතව ලීග් රග්බි කිරුළ දිනූ මහනුවර ක්‍රීඩකයෝ සිය අනභිබවනීත්වය ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේදිත් රඳවා තබාගැනීමට සමත්වූ අතර මේ හඹා යන්නේ ඔවුන්ගේ 23 වැනි ක්ලිෆර්ඞ් කුසලානයයි. වසර 2014දී පළමුවතාවට ක්ලිෆර්ඞ් කුසලානය අත්පත් කරගත් නැවියෝ ඉරිදා තරගයේදී මහනුවර පිලේ අපේක්‍ෂා සුන් කරමින් කුසලානය ඩැහැ ගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති.
ලීග් තරගාවලිය අතරතුර දෙවතාවක්ම දෙපිල එකිනෙකා හා තරග වැදුණත් ඒ දෙවරම ජයග්‍රහණය හිමිවූයේ මහනුවර පිලටය. එසේ වුවත් අවසන් මොහොතේදී ලීග් අනුශූරතාව දිනාගත් නාවික හමුදා පිල ක්ලිෆර්ඞ් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් පිල හමුවේ දැක්වූ දස්කම් දුටුවා නම් මහනුවර ක්‍රීඩකයන්ගේ නළල්තල රැලි ගැන්වෙනු ඒකාන්තය.
කොළඹ තුරඟ තරග පිටියේ පසුගිය 21 දා පැවැති එම අවසන් පූර්ව තරගයේ දෙවැනි භාගයේදී නැවියන් අති විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කළ අතර ඔවුන්ගෙන් දිස්වුයේ ජය නොලබා ආපසු නොහැරෙන බවකි. එම තරගයේ අවසන් මොහොතේදී ලකුණු 26-25 ක් ලෙස පෙරමුණ ගනිමින් ජයග්‍රහණය පෙනි පෙනී සිටි හැව්ලොක්ස් පිලේ බලාපොරොත්තු බිඳ වැටුණේ අවසන් විනාඩියේදී නාවික හමුදා පිලේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය.
නැවියන්ගේ විශාලතම තුරුම්පුව බවට පත්වී සිටින කිංග්ස්වුඞ් විදුහලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩක තිළිණ වීරසිංහ ලීග් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා මෙන්ම වැඩිම සමස්ත ලකුණු ලාභියා ලෙසත් සම්මාන දිනාගත්තේය. ඉන් නොනැවතී ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයේදිත්. අවසන් පූර්ව තරගයේදිත් නැවියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූයේ විශිෂ්ට දායකත්වයකි. එබැවින් ඉරිදා තරගයේදී මහනුවර පිලේ වැඩි අවධානයක් ඔහු වෙත යොමු වනු සහතිකය.
එපමණක් නොව නායකයා ලෙස කටයුතු කරන හුකර් ක්‍රීඩක දුලාංජන විජේසිංහ, අදීෂ වීරතුංග, මොහොමඞ් අබ්සාල්, මූෂින් ෆලීල්, රිචී ධර්මපාල, දිනූෂ චතුරංග නැවියන්ගේ කඳවුර ශක්තිමත් කරනු ඇත.
එසේ වුවත් මහනුවර පිලේ ආධිපත්‍ය බිඳ දැමීම ලෙහෙසි පහසු මෙහෙයුමක් නොවනු ඇත. වසර ගණනාවක් පුරා ලීග් තරග බිමේ මෙන්ම පිළිමලුන් පිටුදැකීමේ තරග බිමේදිත් සිය බලපුළුවන්කාරකම ඉහළින්ම පෙන්වමින් සිටින මේ සෙංකඩගලපුර ක්‍රීඩකයන්ගේ සැලසුම් සහගත ක්‍රීඩා විලාශය නිතරම ප්‍රතිවාදියා උත්සාහක දිනුම් වර්ෂාවකට හසුකරන වර්ගයේ එකකි.
ඔවුන් ක්‍රීඩා කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ නිරතුරුවම උත්සාහක දිනුම් පිපාසයෙන් පෙළෙන බවකි. ලීග් තරගාවලියේ සෑම තරගයකදීම වගේ මහනුවර පිල උත්සාහක දිනුම් 7කට වඩා තැබීමට සමත්විය. ඇරත් ජාතික සත් සාමාජික රග්බි පිල නියෝජනය කරන ක්‍රීඩකයනුත් රැසක් සිටින බැවින් මහනුවර පිල හැම අතින්ම ශක්තිමත් බව පෙනේ.
පසුගියදා පල්ලෙකැලේ පැවැති අවසන් පූර්ව තරගයේදී සී.ආර්.පිල ලකුණු 38-26 කින් පරාජය කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත්වූ අතර ප්‍රබල ක්‍රීඩකයකු වන ධනුෂ්ක රන්ජන් ඒ තරගයේදී උත්සාහක දිනුම් 3ක්ම තැබුවේය.
ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතරින් විදුලි වේගයෙන් දිව යන ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සිය මග අහුරුවන ක්‍රීඩකයන් ගව් ගණනක් දුරට තල්ලු කර දමමින් උත්සාහක දිනුම් තබන ධනුෂ්ක රන්ජන්, රිචඞ් ධර්මපාල, ජේසන් දිසානායක, ලවංග පෙරේරා, නයිජල් රත්වත්ත, නායක ගයාන් වීරරත්න සමග පන්දුව පිරිනැමීමේදී පුදුමාකාර විදිහට ඉක්මන් හා සාර්ථක තීරණ ගැනීමට රුසියකු වන සුපිරි ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරිජා වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ ඉවසීම පරික්ෂා කිරීම ඒ හැටි ලෙහෙසි නොවන බව නැවියෝ හොඳින්ම දනී.
ඒ සියල්ලටම වඩා මේ තරගයේදී වසර 15ක සිය රග්බි තරග දිවියෙන් එහෙම පිටින්ම සමුගැනීමට බලා සිටින ෆාසිල් මරිජාට අමතක නොවන සමුගැනීමක් ඉතිරි කිරීමට බලා සිටින මහනුවර පිලේ ක්‍රීඩකයන් අභිබවා ඉරිදා ක්ලිෆර්ඞ් කුසලානය අතට ගැනීම දුෂ්කර කාරණාවක් බවත් නැවියෝ දනිති. එහෙත් සටන්කාමීත්වය හා කණ්ඩායම් හැඟීම හොඳින් පුරුදුවී සිටින නැවියන්ට සිය අරමුණ කරා යාමේදී ඒ කිසිවක් වැදගත් නොවන බව ඔවුන්ගේ අතීත ජයග්‍රහණවලින් හොඳින්ම පැහැදිලිය.
දෙපිල අතර සටන උද්වේගයෙන් හා උද්දාමයෙන් පිරුණු එකක් බවට පත්වීමට මේ සියල්ල හේතු සාධක වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.