Last Update  :  2024-05-17 16:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු රන් පදක්කම් දිනාගෙන එති

ආසියානු රන් පදක්කම් දිනාගෙන එති

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පැවති 17 වැනි ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසැල් සිසුන් කණ්ඩායම අද (23 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පසුගිය 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්විණ.

කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02  ක් ද, මාතර සුජාතා විද්‍යාලයේ පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි  මුදළිගේ රන් පදක්කමක්  බැගින් දිනාගත්හ. වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කණ්ඩායම ඩුබායි සිට පැමිණි ‘ෆ්ලයි ඩුබායි‘ ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ නිලධාරීන්, එම සිසුන්ගේ මව්පියන්, ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 

වමේ සිට දකුණට ...
විනුක විජේරත්න , පෙහන්සා සමරවීර , ඉලීෂා උමන්දි මුදළිගේ සහ දුලේන් බිම්සත් .


අදහස් (0)

ආසියානු රන් පදක්කම් දිනාගෙන එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.