Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසන්ත කළමණාකාර ධුරයෙන් ඉවත්වෙයි

අසන්ත කළමණාකාර ධුරයෙන් ඉවත්වෙයි

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් තමන් ඉවත්වන බව අසන්ත ද මෙල් මහතා කියයි.  මේ වන විට කළමණාකාර ධුරයට අමතරව ජාතික තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන අසන්ත ද මැල් මහතා කළමණාකාර ධූරයෙන් ඉවත් වූවත් තවදුරටත් තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරනු ඇත.

පෞද්ගලික හේතුවක් මත කළමණාකාර ධුරයෙන් ඉවත්වන බව පැවසූ මැල් මහතා, තමන් එම ධූරයේ කටයුතු කරනු ලැබූයේ තාවකාලිකව පමණක් බවත් පැවසීය.

2019 වසරේ එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයට පත්වූ අසන්ත ද මැල් මහතා මේ වනවිට වසර දෙකකට ආසන්න කාළයක් එම ධූරයේ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ සංචාරය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියකි. එම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දන තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විතය.


අදහස් (0)

අසන්ත කළමණාකාර ධුරයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.