Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.සී.සී. ය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

අයි.සී.සී. ය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

editorial - 2023 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(ශානුක අරවින්ද)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව  (අයි.සී.සී.) තීරණය කර තිබේ. ඒ අනුව  සාමාජිකත්වය යළි හිමිවන තෙක් ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මෙන්ම එහි පරිපාලනයට  රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව අද (10) පැවැති අයි.සී.සී. රැස්වීමකදී සැලකිල්ලට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බව එහි නිවේදනයක සඳහන් වේ. 


අදහස් (1)

අයි.සී.සී. ය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
  • A Cricket Lover Saturday, 11 November 2023 09:25 AM

    අයිසීසී එකෙන් ක්‍රිකට් තහනම් කළත්, දේශීය ක්‍රිකට් තරගවලට තහනමක් නෑනේ.. ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා කණ්ඩායමත් විනාශ කරලයි තියෙන්නේ. ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරයට යන්න තරම් හොඳ තත්වයක නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.