අනුග්‍රහකයන් නැතිව ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමේ අභියෝගය

(සුසිල් ප්‍රේමලාල්)
බහු ජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහයෙන් මෙතෙක් ක්‍රියාත්මකවූ ක්‍රීඩාව ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගයෙන් තොරව පවත්වාගෙන යාම ලෝකයේ සියලුම ක්‍රීඩා පරිපාලකයන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කලාපීය පාඨමාලා අධ්‍යක්ෂවරයෙකු වන බී.එල්.එච්. පෙරේරා මහතා පවසයි.

“මුළු ලොවටම බලපා ඇති කොරෝනා ව්‍යසනය නිසා ලෝක ආර්ථිකයද කඩා වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩාවට නිරන්තරයෙන් අනුග්‍රහය ලබාදෙන බහුජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවගේ දෛනික ව්‍යාපාර කටයුතු ද මේ වන විට 100% කින්ම අඩාල වී තිබෙනවා” යැයි පැවසූ බී.එල්.එච්. පෙරේරා මහතා ඉදිරියේදී ක්‍රීඩාව සඳහා එම ආයතනවලින් අනුග්‍රහයක් ලැබේද යන්න අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් පැවසීය.
මෙම තත්ත්වය මත ක්‍රීඩාවේ ඉදිරි පැවැත්ම සඳහා විකල්පවල අදහස් කෙරේ යොමුවීමට දෙස් විදෙස් ක්‍රීඩා බලධාරීන්ට සිදුවී තිබෙනවා යයිද පැවසීය.
බී.එල්.එච්. පෙරේරා යනු 60 දශකයේ මුල් භාගයේ හොරණ තක්ෂිලා මැදි මහ විදුහලින් බිහිවූ ක්‍රීඩකයෙකි. පසුව, 1964 වසරේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් සමස්ත ලංකා පාසල් වාර්තාවට හිමිකම් කී ඔහු ක්‍රීඩකයකු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබූ ප්‍රථමයා ද වේ.
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් (කැලණිය විශ්ව විද්‍යාලය) ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ පෙරේරා මහතා පසු කලෙක ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අයෙකි.
පැසිපන්දු, ජිම්නාස්ටික්, ජූඩෝ සහ මලල ක්‍රීඩා වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ජාතික සංගම් කීපයකද තනතුරු රැසක් දරා ඇති ඔහු ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ලෙසත්, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.
“ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල ක්‍රීඩාව ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන්. කොරෝනා ව්‍යසනය නිසා එම දෙඅංශයම ආර්ථික වශයෙන් පසුබැස්මකට ලක්ව තිබෙනවා. එවැනි පසුබිමක් මත ක්‍රීඩාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ නොහැකියි” යයි පැවසූ පෙරේරා මහතා.....
“මෙම තත්ත්වය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උළෙල දක්වා බලපානවා ” යැයි ද පැවසීය.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2020 සිට 2021 දක්වා කල් දැමීම නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 13 කට ආසන්න මුදලක පාඩුවක් දැරීමට සිදුවී තිබේ. ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේදී සිදුවන මෙම පාඩුව දරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් නැත.
එමෙන්ම ‘කොරෝනා‘ වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් 2021 ඔලිම්පික් උළෙල අවලංගු කරදැමීමේ අවදානමද තිබේ.
“2004 දී අප මුහුණ දුන් සුනාමි ව්‍යසනය නිසා ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් රැසක්, ඒ කියන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය, අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය වගේම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යම් තත්ත්වයකට උසස් කරලීමට ආර්ථික වශයෙන් සහයෝගය දුන්නා.... මොකද සුනාමියේ බලපෑම රටවල් කිහිපයකට පමණක් සීමාවූ නිසා... “
“නමුත් කොරෝනා ව්‍යසනය මුළු ලොවටම එක හා සමානව බලපා ඇති නිසා කිසිදු ජාත්‍යන්තර සම්මේලනයකට ආධාර උපකාර කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. මෙහිදී සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු නිසා කිසිදු රටකට සෘජුවම ක්‍රීඩාව වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් සිදුකළ නොහැකිව තිබෙනවා “යැයි ද පෙරේරා මහතා පැවසීය.
කෙසේ වෙතත් ඕනෑම පෞද්ගලික ආයතනයක ඉදිරි ගමනට ප්‍රචාරණය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයින් අද නොමැති වුවත් හෙට දිනයේ ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට පෞද්ගලික අංශය ඉදිරිපත් විය හැකි බවද ඒ මහතා කියයි.
එමෙන්ම රජයද ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා අයවැයෙන් යම් මුදලක් වෙන් කරන හෙයින් එම මුදල ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පමණක් යොදා ගනිමින් සකසුරුවමින් වියදම් කළ යුතුව තිබෙන බවද බී.එල්.එච්. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.