Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර 12 කට පසුව ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. වසර 2024 දී යොවුන් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව, ශ්‍රී ලංකාවට පිරිනැමීමට මෙල්බර්න් නුවරදී ඊයේ (13 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමකදී තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කරන ලද්දේ 2012 දීය. 2012 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තනිවම සංවිධානය කළ ශ්‍රී ලංකාව ඊට වසරකට පෙරදී (2011) ඉන්දියාව සහ බංග්ලාදේශය සමග එක්ව, ඕවර 50 එක්දින ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කළේය.
වසර 2000 දී යොවුන් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කළේත් ශ්‍රී ලංකාවයි. යොවුන් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ වසර 24 කට පසුවය.
වසර 2024 සිට 2027 දක්වා යොවුන් ලෝක කුසලාන සංවිධානය කරන රටවල් මොනවාද යන්න ඊයේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමකදී තීරණය කරන ලදි.
පිරිමි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව (2024 දී) සහ සිම්බාබ්වේ හා නැමීබියාව (2026 දී) අනුමත කර ඇත.
පළමු වතාවට පැවැත්වෙන කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2023 ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. එහි දෙවැන්න 2025 දී මැලේසියාව හා තායිලන්තය යන රටවල පැවැත්වෙන අතර තුන්වැන්න 2027 දී බංග්ලාදේශයේදී හා නේපාලයේදී පැවැත්වීමට නියමිතය.
නවසිලන්ත ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන මාටින් ස්නෙඩන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුවක් විසින් අධීක්ෂණය කරන ලද යොවුන් ලෝක කුසලාන තරග සංවිධානය කිරීමේ අවස්ථා, තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකට පසුව තෝරා ගන්නා ලදී. මෙම තරග සංවිධානය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් කළ ‘මාටින් ස්නෙඩන්’ කමිටුවේ නිර්දේශ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පිළිගන්නා ලදි.
පසුගිය ඉරිදා (13 වැනිදා) ඒ සම්බන්ධ අවසන් තීන්දුව ප්‍රකාශයට කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.