Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2020 අයි.පී.එල්. තරගාවලියේ අනුග්‍රහයට ඩොලර් මිලියන 30 ක්

2020 අයි.පී.එල්. තරගාවලියේ අනුග්‍රහයට ඩොලර් මිලියන 30 ක්

editorial - 2020 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දීය සමාගමක් වන ඩ්‍රීම් 11 සමාගම තෝරාගෙන තිබේ. අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට්, හොකී, පාපන්දු, කබඩි සහ පැසිපන්දු යන ක්‍රීඩා සඳහා පහසුකම් සපයන ඩ්‍රීම් 11 සමාගමටද චීන සම්බන්ධතා තිබෙන බැවින් මෙම අනුග්‍රහය පිළිබඳව මතවාද තිබේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ ඩ්‍රීම් 11 සමාගමේ මූලස්ථානය මුම්බායි නුවර පිහිටි බැවින් මෙම ගැටළු විසඳාගත හැකි බවයි.

අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් වසර 5 ක් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටි ‘වීවෝ’ සමාගම ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 330 ක් ගෙවීමට පොරොන්දු වී සිටියේය. ඒ තරගාවලියකට ඩොලර් මිලියන 66 ත් බැගිනි. එහෙත් ඩ්‍රීම් 11 සමාගම මෙවර තරගාවලිය වෙනුවෙන් ගෙවනු ලබන්නේ ඩොලර් මිලියන 30 ක් පමණි.

හිමාලය කඳු පාමුල දේශසීමා ආසන්නයේදී චීන සහ ඉන්දීය හමුදා අතර ගැටුමකදී ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මිය යාම හේතුවෙන් ඇතිවූ විරෝධතාවය නිසා ඉන්දියාව පුරාම චීන විරෝධතාවක් මතුවිය. එබැවින් චීන සමාගමක් වන ‘වීවෝ’ සමාගම ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත්විය. ටික් ටොක් ඇතුළු චීන දුරකතන යෙදුම් 60 ක් පමණ මේ වනවිටත් ඉන්දීය රජය විසින් තහනම් කර ඇති අතර එමෙන්ම ඉන්දීය වෙළඳ පොලෙන් පැමිණෙන චීන නිෂ්පාදනද මේ වනවිට ඉවත් කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් අතර ආදායම බෙදාගැනීමේ ගිවිසුම අනුව ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් හරි අඩක් (50්‍ර) ක් තරගාවලියේ කණ්ඩායම් වලට හිමිවේ.

වීවෝ සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය හේතුවෙන් පසුගිය වසර වලදී ඇමරිකන් ඩොලර් මිලියන 4 බැගින් ආදායමක් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිට සහභාගීවන කණ්ඩායමක් හිමිකර ගත්තද මෙම වසරේදී එය ඇමරිකන් ඩොලර් මිලියන 2 දක්වා පහත බැස ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේදී නොපැවැත්වෙන අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

අයි.පී.එල්. තරගාවලිය මගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල ආදායමක් උපයයි. කොරෝනා වයිරස් වසංගතයට නොපැමිණියේ නම් මෙම තරගායලිය මගින් ඉන්දීය ආර්ථිකයට ඇමරිකන් ඩොලර් බිලියන 11 කට වඩා වැඩි මුදලක් හිමිවන බවට තක්සේරු කර තිබුණි.


-  2079


අදහස් (0)

2020 අයි.පී.එල්. තරගාවලියේ අනුග්‍රහයට ඩොලර් මිලියන 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.