Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බවුමා - සකිබ් - ෆෝක්නර් ලියාපදිංචි වෙති

බවුමා - සකිබ් - ෆෝක්නර් ලියාපදිංචි වෙති

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා ටෙම්බා බවුමා, සකිබ් අල් හසන් සහ ජේම්ස් ෆෝක්නර් යන තිදෙනාම මේ වන විටත් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ලියාපදිංචි වූ ක්‍රීඩකයනන් අතර රටවල් 11 ක ක්‍රීඩකයන් සිටින අතර දකුණු අප්‍රිකාවේ සිටි විශිෂ්ටතම පන්දු යවන්නකු වූ මෝර්නි මෝකල්ද සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ඔවුන් අතර බංග්ලාදේශයේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් වන ටමීම් ඉක්බාල්, ටස්කින් අහමඩ්, ලිටන් දාස් සහ සෞම්‍යා සාර්කර් ඇතුළු ක්‍රීඩයෝත් සිටිති.

මහත් විවාද සම්පන්න ක්‍රීඩකයකු වන නමුත් සකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. බොහෝ අවස්ථාවලදී ඔහුගේ නොහික්මුණ වැඩ නිසා ලෝකයාගේ අවධානය දිනාගන්නා සකිබ් මෑතකදී බංග්ලාදේශයේදී පැවැති දේශීය තරගයකදී විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ හෙයින් කඩුල්ලට පයින් ගැසීය.

ජේම්ස් ෆෝක්නර් ඕස්ට්‍රේලියානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට වඩාත්ම ඉවහල් වූයේ ජේම්ස් ෆෝක්නර්ගේ දස්කම්ය.

ටෙම්බා බවුමා වත්මන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක්දින සහ විස්සයි-20 නායකයාය. දක්‍ෂ පිතිකරුවකු වන බවුමා අති ශූර පන්දු රකින්නෙකි.

මිචෙල් මැක්ලෙනගන්, මොහොමඩ් මහමදුල්ලා, ඩේවිඩ් වීස්, වැනි ක්‍රීඩකයන් මෙන්ම සිම්බාබ්වේහි බ්‍රෙන්ඩන් ටේලර්, නේපාලයේ සන්දීප් ලැමිචාන්, ඇමරිකා එක්සත් ජනපදයේ අලී ඛාන් මෙන්ම ඉන්දියාවේ පතන් සහෝදරයොත් එල්.පී.එල්. තරගාවලිය ගැන උනන්දුවෙන් සිටිති.

“පසුගිය වසරේ තරගාවලියේදී තිබුණ සාර්ථකත්වය මේ අවුරුද්දේ තරගාවලියට ඉතාම යහපත් ලෙසින් බලපාලා තියෙනවා. ඒ නිසා තමයි වැඩි වැඩියෙන් රටවල් වලින් වැඩිපුර ක්‍රීඩකයන් අපේ තරගාවලියට එන්න බලන්නේ” යයි තරගාවලියේ අධ්‍යක්‍ෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.


එල්.පී.එල්.  තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයෝ

බංග්ලාදේශය
ටමීම් ඉක්බාල්, මෙහෙදි හසන් මිරාස්, ටස්කින් අහමඩ්, ලිටන් දාස් සහ සෞම්‍යා සාර්කර්

ඕස්ට්‍රේලියාව
උස්මන් කවාජා, බෙන් ඩන්ක්, කැලම් ෆර්ගසන්, ජේම්ස් ෆෝක්නර්,

බටහිර ඉන්දීය කොදෙව්
ෂෙල්ඩන් කොට්ට්‍රල්, රයාඩ් එම්රිට්, රවී රාම්පොල්, ඩ්වේන් ස්මිත්, ඩිනේෂ් රැම්ඩීන්, ජොන්සන් චාල්ස් සහ රෝමන් පවෙල්

පාකිස්තානය
හැරිස් සොහේල්, වකාස් මසූද්, මොහොමඩ් හස්නෙයින්, මොහොමඩ් ඉර්ෆාන්, ෂොයිබ් මක්සූද්, ශාන් මසූඩ්, අන්වර් අලී අමාන් බට්

දකුණු අප්‍රිකාව
රිලී රූසෝ, ඩේවිඩ් වීස්, ජෝන් ටේ‍රවර් ස්මත්, මෝර්නි මෝකල්, රාසි වැන්ඩර් ඩසන්, කේෂව් මහාරාජ්, තබ්රේස් ශම්සි සහ හාර්ඩස් විලියොන්

ඇෆ්ඝනිස්ථානය
අස්ගර් ඇෆ්ගන්, මොහොමඩ් ශෂාඩ්, නජිබුල්ලා සද්රන්, නවීන් උල් හක්, උස්මන් ශින්වාරි, රහමතුල්ලා ගුර්බාස්, හසරතුල්ලා සසායි, නවීන් උල් හක් සහ ක්වායිස් අහමඩ්

- 213

 


අදහස් (0)

බවුමා - සකිබ් - ෆෝක්නර් ලියාපදිංචි වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.