Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හතුරුසිංහ වැඩ අරඹයි

හතුරුසිංහ වැඩ අරඹයි

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද එක්දින සංචිතයේ ක්‍රීඩකයන් සමග අද (28 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු පුහුණු සැසියට සහභාගි විය.

ජනවාරි මස 15 වැනිදා බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සැසිය ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාම ඊට සහභාගි වී සිටියහ.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති ලසිත් මාලිංගද අද පැවැති පුහුණු සැසියට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ඡායාරූප - ඒ.එෆ්.පී. අනු‍ග්‍රහයෙනි

-036

 


අදහස් (0)

හතුරුසිංහ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.