Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා අවසන් පූර්ව වටයේ

සෙරීනා අවසන් පූර්ව වටයේ

editorial - 2021 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 20 ක් පුරා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වන සෙරීනා විලියම්ස් ඉතා පහසුවෙන්ම රුමේනියාවේ සිමෝනා හීල්ප් පරාජය කරමින් 9 වැනි වතාවටත් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. සිමෝනා සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ ලකුණු සටහන් වූයේ 6-3 සහ 6-3 ක් වශයෙනි.

මෙම ජයග්‍රහණය නිසා අවසන් පූර්ව වටයේදී ජපානයේ නයෝමි ඔසාකා හමුවීමට සෙරීනාට සිදුවෙයි. මෙම තරගය හෙට (අඟහරුවාදා) පැවැත්වේ.

දශක දෙකක් ඇතුළතදී හත් වතාවක් ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාව දිනා සිටින සෙරීනාගේ 77 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියයි. ඇය මෙවර හඹා යන්නේ තමන්ගේ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයි.

“මා හිතන්නේ, ස්ථිර වශයෙන්ම, මේ තරගාවලියේදී මා ක්‍රීඩා කළ හොඳම තරගය මෙයයි..... කොහොම වුණත් මට ලෝකයේ දෙවැනි හොඳම ක්‍රීඩිකාව සමග තරග කරන්න වෙනවා” යයි සෙරීනා ජයග්‍රහණයෙන් පසුව පැවසුවාය.

මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් 24 ලෝක වාර්තාව හඹා යාම ආරම්භ කිරීමෙන් පසුව සෙරීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි 4 කදීම අවසන් මහ තරග පරාජය වූවාය. ඇයගේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය වාර්තා වන්නේ 2017 ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙනි. ඒ වන විට ඇය ගැබිණියක්ව සිටියාය. දැන් ඇය එක්දරු මවකි.

නයෝමි ඔසාකා සිය අර්ධ අවසන් පූර්ව තරගය ජයගත්තේ තායිවානයේ සෙයි සූ-වෙයි ලකුණු 6-2 ක් සහ 6-2 ක් ලෙසින් පරාජය කරමිනි.

පිරිමි තරගාවලියේදී ඉතාම තියුණු තරගයකින් පසුව සර්බියාවේ නොවැක් ජොකොවික් ජර්මන් ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් සෙව්රෙව් පරාජය කරන ලදි. පැය දෙකකට ආසන්න කාලයක් ඇදී ගිය මෙම තරගයේ ලකුණු සටහන් වූයේ 6-7(6/8), 6-2, 6-4 සහ 7-6 (8/6) පරිද්දෙනි.

- 213


අදහස් (0)

සෙරීනා අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.