Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සානියා - ෂොයිබ් දෙතැනක සිරවෙති

සානියා - ෂොයිබ් දෙතැනක සිරවෙති

editorial - 2020 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොරෝනා වයිරසයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ක්‍රීඩා ලෝකයේ සුපිරි තරු දෙකක් වන ෂොයිබ් මලික් සහ සානියා මිස්රා යුවළ දෙරටක සිරවී සිටිති. පාකිස්තානු ක්‍රිකට් පිලේ හිටපු නායකයා වන ෂොයිබ් මලික් ඉන්දීය ටෙනිස් තරුවක් වන සානියා මිර්සා සමග විවාහ වී සිටින අතර ඔවුන් දෙදෙනාගේ පුතු ඉසාර් මලික් සිය පියා දැකගත නොහැකීවීමේ සාංකාවෙන් පෙළෙයි.

ටෙනිස් ක්‍රීඩාවෙන් ඉන්දියාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩිකාව වන සානියා මිර්සා පාකිස්තානු ක්‍රිකට් පිලේ හිටපු නායකයා සමග විවාහ වී සිටියද ඇය දැන් සිටින්නේ ඉන්දියාවේය. ෂොයිබ් මලික් පාකිස්තානයේ සියොල්කොට් නුවර සිටී.

“මගේ පුතා එයාගේ තාත්තාව දකින්නේ කවදාද යන්න මම දන්නේ නෑ” යයි සානියා මිර්සා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පතට කීවාය. කොවිඞ් - 19 වයිරසය හේතුවෙන් ලෝකය පුරා විවිධ රටවල අගුළු දැමීම් සිදුවන විට සානියා සහ පුතු ඉසාර් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිරවූහ. ෂොයිබ් මලික් පාකිස්තානයේ සියොල්කොට් නුවර සිරවී සිටී.

සිය පුතු වෙනුවෙන් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක වන සානියා නැවතත් ටෙනිස් පිටියට පිවිසියේ පසුගිය ජනවාරි මාසයේදීය. ටෙනිස් තරග වලට සහභාගි වීම සිය රැකියාව වන හෙයින් ලෝකය පුරාම ඇවිදින සානියා ඇමරිකාවේ සිට හයිද්‍රාබාද් නුවර බලා පැමිණියේ ඉන්දියාව වසා දැමීමට දින කිහිපයකට පෙරදීය. ඒ අතරවාරයේදී පාකිස්තානයේ පැවැත්වෙමින් තිබූ පාකිස්තානු සුපිරි ලීග් තරගාවලියට ෂොයිබ් මලික් සහභාගි වෙමින් සිටියේය. එහෙත් ඒ සමගම වාගේ පාකිස්තානයද අගුළු දමනු ලැබිණ.

“එයා පාකිස්තානයේ හිරවුණා, මම මෙහේ හිරවුණා...මේක ටිකක් අමාරු තත්ත්වයක් මොකද අපිට කුඩා දරුවෙක් ඉන්නවා....ඉසාන් කවදා එයාගේ තාත්තාව දකීද කියා මා දන්නේ නෑ... ඇත්ත තත්ත්වය ඕකයි” යයි සානියා මිර්සා කීවාය.

“අපි දෙන්නාම බොහෝ වෙලාවට ප්‍රායෝගිකව ජීවිතයට මුහුණ දෙන අය. එයාට අවුරුදු 65 ක් ඉක්මවූ අම්මා ඉන්නවා. ඒ නිසා එයා එහේ ඉන්න ඕනේ..ඒ නිසා එයා එහේ ඉන්න එක හොඳයි” යයිද මිර්සා කීවාය.

මේ අවස්ථාවේදී සානියා මෙන්ම මලික්ද එකම ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිති. දෙදෙනාගේම පවුල දෙතැනකය. අනෙක් අතට දෙදෙනාගේම වෘත්තීය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. කොරෝනා වයිරසය හේතුවෙන් ක්‍රීඩා ලෝකයම එකතැන නතර වී තිබේ.

“මට සාංකාව ගැන නම් ප්‍රශ්නයක් නෑ... එත් දවස් දෙකකට විතර ඉස්සර, නිකම්... කිසිම හේතුවක් නැතිව.. මට දරුණු සාංකාවක් දැණුනා”
“මම ඇඳේ දිගාවෙලා එක එක දේවල් ගැන හිත හිත හිටියා.. මේ හැම දෙයක්ම අවිනිශ්චිත තත්ත්වයට පත්වෙලා... ගෙදර ඉන්නේ කිරිසප්පයෙක්.. ඒත් තමන් රැකෙන්නේ කොහොමද?, දරුවා රැකබලාගන්නේ කොහොමද ?, වයස්ගත දෙමාපියන් රැකබලාගන්නේ කොහොමද ?, රැකියාවක් හෝ ටෙනිස් ක්‍රීඩාව නැතිව ඉදිරිය ගෙනියන්නේ කොහොමද ? මේ සියලු දේවල් ගැන මට සාංකාවක් දැණුනා” යයිද සානියා පැවසූවාය.
 
- 213

අදහස් (0)

සානියා - ෂොයිබ් දෙතැනක සිරවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.