
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට (7 වැනිදා) රාත්‍රී 7.00 ට මුම්බායි හිදී ආරම්භ වෙයි. මෙම සමාරම්භක උත්සවය චිත්තාකර්ශනීය සංගීත සන්ධ්‍යාවකින් සහ නර්තන රැසකින් අලංකෘත වේ. රිෂාබ් ෂර්මා, ෂිවමනි සහ බාඩ්ෂා යන ගායක ගායිකාවන්ගේ සුගායනීය ස්වරය ක්‍රීඩාංගණය පුරා පැතිර යාමෙන් පසුව නෝරා ෆතේහිගේ නර්තනයෙන් සමාරම්භක උත්සවය විචිත්‍රවත් කෙරේ.
තමන්ට රිසි සේ ගුවනේ පාවෙමින් එහා මෙහා යන්නකු විසින් ලෝක කුසලානය වැන්කඩේ ක්‍රීඩාංගණයට රැගෙන එනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන ජේ ෂා මහතා සහ අවසන් වරට (2024) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් වූ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ලෝක කුසලානය පිළිගනීමට සූදානමින් සිටිති.
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ජවය සහ වේගය පිළිබිඹු කිරීම සඳහා මෙවර සමාරම්භක සංදර්ශනය නිර්මාණය කර ඇති තිබේ. ඒ සඳහා සමස්ත වැන්කඩේ ක්‍රීඩාංගණයම දෘශ්‍ය කැන්වසයක් ලෙස ක්‍රියා කරන අතර තරගාවලියේ ලාංඡනය ප්‍රධාන රංගන වේදිකාව මත නිර්මාණය කෙරෙනු ඇත.
මෙම අත්‍යලංකාර සංදර්ශනයෙන් අනතුරුව, ඉන්දීයාවේ සහ ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් සවස 7.00 ට ආරම්භ වන ගිනිකෙළි සංදර්ශනයකි. එතැන් සිට ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගය ආරම්භ වීමට නියමිතය.
කෙසේ වෙතත් හෙට දහවල් 11.00 ට කොළඹ එස්.එස්.සී. පිටියේදී දිගහැරෙන පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ආරම්භ වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.