Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සභාපති විධායක සභාව නොසලකා හරිනවා

සභාපති විධායක සභාව නොසලකා හරිනවා

editorial - 2022 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සභාපති ජස්ටර් උමාර් මහතා දිගින් දිගටම විධායක සභාව නොසලකා හරිමින් කටයුතු කිරීම  නිසා තමන්ට ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු දැක්වීමට  සිදුවූ බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ උප සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි. කොළඹ ‘නිපෝන්’ හෝටලයේ දී කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් රුද්‍රිගු මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපති අනුර ද සිල්වා, දෙනියාය පාපන්දු ලීගයේ සභාපති ආර්.ඒ. තරංග, දෙහිවල ගල්කිස්ස පාපන්දු ලීගයේ සභාපති පී.ජී.පී. පිරිස් හා ජනසතු සේවා පාපන්දු ලීගයේ භාණ්ඩාගාරික ටී. සුදුකර යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන රංජිත් රුද්‍රිගු මහතා මෙසේ ද පැවසීය.

‘‘මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ජස්වර් උමාර් මහතාට නිලවරණයේදී සහයෝගය දුන්නේ. ඔහු මේ රටේ පාපන්දු ක්‍රීඩාව හරි මගට ගෙන එන්න සාධාරණ උනන්දුවක් ගනියි කියලා අපි විශ්වාස කළා.

 නමුත් ඔහු අපේ බලාපොරොත්තු ඉටු වෙන ආකාරයට කටයුතු කළේ නෑ. දිගින් දිගටම විධායක සභාව නොසලකා හරිමින් හා නොමග යවමින් කටයුතු කළා.
 මේ තත්ත්වයෙන් ඔහු වළක්වා ගන්න අපි දරපු උත්සහයන්ට ඔහු අවදානය යොමු කළේ නෑ.

 පාපන්දු ආයතනය පසුගිය  වසරක කාලයකට රුපියල් ලක්ෂ 5000ක් සංවර්ධනයට  කියලා යොදවලා තිබෙනවා. නමුත් රටේ පාපන්දු ක්‍රීඩාවේ නියම සංවර්ධනයට යොදවලා තියෙන්නේ එයින් බොහොම සුළු මුදලක් විතරයි.

අනිත් බොහෝ වියදම් සභාපතිවරයා තනි මතයට කළ අනවශ්‍ය වියදම්.  උදාහරණයක් ගත්තොත් කෑමට මේ මුළු වියදමේ ලක්ෂ 300ක් විතර යොදවලා තිබෙනවා. ඒත් පාපන්දු පුහුණුකරුවන් සඳහා කළ වියදමක් ලෙස එක් ව්‍යාපෘතියකට වැය කරලා තියෙන්නේ ලක්ෂ 16 කටත් අඩු වියදමක්.

සභාපතිවරයා මුදල් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එක ගැන මම මුල ඉඳලම විරුද්ධ වුණා. එහෙම වුණාම පාපන්දු සභාපතිවරයා මුල්‍ය කමිටුව අවභාවිතා කිරීමක් කරනවා වගේ වෙනවා.

ජස්වර් උමාර් මහතාගේ ගෙවුණු පාලන කාලය තුළ පාපන්දු සම්මේලනයේ වියදමෙන් මම. එක පිටරට ගමනක් ගියේ නෑ. එකම අවස්ථාවක දී පාපන්දු ආයතනයේ වියදමෙන් මට ලැබුණු ‘පිරිමැසුම්දායක’ ගුවන් ප්‍රවේශ පත්‍රයකට මම අතින් ඉතිරිය යොදවලා ව්‍යාපාරික පංතියේ අසුනක් වෙන් කරගෙන පිටරට සංචාරයකට එක්වුණා.

පාපන්දු ආයතනයේ පසුගිය වසරක කාලයක් තිස්සේ කරපු වියදම් ගැන තොරතුරු ඉල්ලා මම දිගින් දිගටම සභාපතිවරයාටත්, ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දීම් කළා. නමුත් ඒ එකකට වත් ඔහු අපිට උත්තර  දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු මට දැන් රූපවාහිනී වැඩසටහනක දී පාපන්දු සම්මේලනය ගැන අදහස් ප්‍රකාශ කළා කියලා එන්තර වාසි එවලා තිබෙනවා.

මම මී ළඟට යොදා පාපන්දු නිලවරණයේදී සභාපති ධුරයට තරග කරනවාද? මනිල් ප්‍රනාන්දු මහතාට සහයෝගය දක්වනවාද? කියලා මෙතෙක් කිසිම තීරණයක් අරන් නෑ.  අපි ඒ කටයුතු වල දී තීරණවලට එන්නේ නිලවරණය කැඳවූවාට පසුව අපිට කළ හැකි දේවල් කළා. පාපන්දු ආයතනයේ මේ වියදම් වගේම නිලවරණය කල් දමමින්  සභාපතිවරයාගේ වත්මන් හැසිරීම ගැනත් ජාතික ක්‍රීඩා සභාවට කරුණු පැහැදිලි කළා.

 නමුත් අගෝස්තු 31 වැනිදායි පසුව පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ද කියන්නවත් අපිට දැන් පැහැදිලි අදහසක් නෑ. කොටින්ම පාපන්දු ආයතනයේ මට තවදුරටත් උප සභාපතිවරයෙක් ද කියන්නවත් මම දැන් දන්නේ නෑ.

මෙම මාධ්‍ය හමුවේ දී පාපන්දු ආයතනයේ හිටපු සභාපති පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති අනුර ද සිල්වා මහතා ද අදහස් දැක්වීය.


අදහස් (0)

සභාපති විධායක සභාව නොසලකා හරිනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.