
අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග වලදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන් වෙත බාර දී ඇතැයි හයිද්‍රාබාද් කණ්ඩායම නිවේදනය කරයි. ඉරිදා (2 වැනිදා) රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී කේන් විලියම්සන් හයිද්‍රාබාද් කණ්ඩායම මෙහෙයවනු ඇත.
සන්රයිසස් පිලේ නිත්‍ය නායකයා වූයේ ඕසටේ්‍රලියානු පිලේ උපනායක ඩේවිඩ් වෝනර්ය. එහෙත් වසර 2018 දී, පන්දුව පළුදු කිරීමක් සම්බන්ධයෙන්, ඩේවිඩ් වෝනර්ට ක්‍රිකට් තහනමක් පනවන ලද අවස්ථාවේදී සන්රසස් පිලේ නායකයා වශයෙන් විලියම්සන් වැඩ බාරගත්තේය.
2021 අයි.පී.එල්. තරගාවලියේ තරග 25 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට අවසන් වී තිබෙන නමුත් තරග 6 කට සහභාගි වී සිටින සන්රයිසස් කණ්ඩායම තවමත් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි.
“ඩේවිඩ් වෝනර් අපේ කණ්ඩායම වෙනුවෙන් කරලා තියෙන දේවලා බලපුවාම එය කිසිසේත්ම පහසු තීරණයක් වුණේ නෑ. ඒත් මේ තරගාවලියේ ඉතිරි තරග වලදී වෝනර් එයාගේ උපරිම සහයෝගය අපිට දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යයි ද සන්රයිසස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.