Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෙහාන් - අමිල ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

ෂෙහාන් - අමිල ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කිංග්ස්ටන්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක ජයක් අත්කර ගත්තේය. මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

 

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ ඉනිම
මොන්ට්සින් හොජ් - ඇ. ද සිල්වා ප. පුෂ්පකුමාර 54
ජෝන් කැම්බල් - ඇ සහ ප.පුෂ්පකුමාර 13
ශමාර් බෲක් - ක.මු.කළා ප.අපොන්සු 14
සුනිල් ඇම්බ්‍රිස් - ඇ.කුමාර ප.අපොන්සු 16
ඇන්ඩ්‍රි මැකාති - ඇ.අසලංක ප.අපොන්සු 6
ජමාර් හැමිල්ටන් - ප.කුමාර 6
රකීම් කොන්වෝල් - ඇ. ජයසූරිය ප. කරුණාරත්න 37
කයිල් මේයර් - ප. කුමාර  0
ඬේමියන් ජේකොබ්ස් - ප. කුමාර 10
රොන්ස්ෆෝඞ් බීටන් - ඇ සහ ප. කරුණාරත්න 1
ශෙල්ඩන් කොට්ට්‍රෙල් - නොදැවී 4
අතිරේක (පා-4 , නි- 8, ව-3) 15
එකතුව ඕවර 48.4 කදී සියලුදෙනා  දැවී     176
කඩුලු වැටීම 
1-67(කැම්බල්), 2-77(හොජ්), 3-105(ඇම්බ්‍රිස්), 4-107(බෲක්), 5-112(මැකාති), 6-133(හැමිල්ටන්), 7-133 (මේයර්), 8-162(කොන්වෝල්), 9-167(බීටන්), 10-176 (ජේකොබ්ස්)
පන්දු යැවීම
ළහිරු කුමාර 7.4-0-26-3  
ෂෙහාන් ජයසූරිය 5-2-7-0  
ධනංජය ද සිල්වා 3-0-11-0  
අමිල අපෝන්සු 10-2-34-3  
චාමික කරුණාරත්න 7-0-36-2  
මාලින්ද පුෂ්පකුමාර 10-0-35-2    
වනිඳු හසරංග 6-0-23-0    
ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම
සඳුන් වීරක්කොඩි - ඇ.ඇම්බ්‍රිස් ප.බීටන් 7
නිපුන් කරුණානායක - ඇ. බෲක් ප. කොන්වෝල් 24
රොෂේන් සිල්වා - ප.කොට්ට්‍රෙල් 4
ධනංජය ද සිල්වා - ප.කොට්ට්‍රෙල් 12
චරිත් අසලංක -ඇ. බෲක්  ප.කොට්ට්‍රෙල් 33
වනිඳු හසරංග - ක.මු.කළා  ප.කොන්වෝල් 6
චාමික කරුණාරත්න - ඇ.මේයර්  ප.කොට්ට්‍රෙල් 14
ෂෙහාන් ජයසූරිය - නොදැවී 31
මාලින්ද පුෂ්පකුමාර - ප.මේයර් 11
අමිල අපොන්සු - නොදැවී 16
අතිරේක (ව-23) 23
එකතුව ඕවර 48 කදී කඩුලු  8 ක් දැවී     181
කඩුලු වැටීම 
1-8(වීරක්කොඩි), 2-18(සිල්වා), 3-45(ද සිල්වා), 4-61(කරුණානායක), 5-83(හසරංග), 6-118(කරුණාරත්න), 7-126(අසලංක), 8-149(පුෂ්පකුමාර)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ළහිරු කුමාර
පන්දු යැවීම
ශෙල්ඩන් කොට්ට්‍රෙල් 10-1-44-4  
රොන්ස්ෆෝඞ් බීටන් 10-3-32-1  
කයිල් මේයර් 9-1-37-1  
රකීම් කොන්වෝල් 10-2-31-2  
ඬේමියන් ජේකොබ්ස් 5-0-26-0  
ජෝන් කැම්බල් 4-0-11-0  

ජයග්‍රහණය සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 48 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.


ලකුණු 83 කට කඩුලු 5 ක් දැවී දැඩි අසීරූතාවකට පත්ව සිටි ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම යළි තරමක් දුරට ගොඩනැගූ චරිත් අසලංක සහ චාමික කරුණාරත්න හයවැනි කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 35 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. පසුපෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදිම සදහා පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය අටවැනි කඩුල්ල සදහා මාලින්ද පුෂ්පකුමාර සමගින් ලකුණු 23 ක සම්බන්ධතාවයක්ද නවවැනි කඩුල්ල සදහා අමිල අපෝන්සු සමගින් ලකුණු 32 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.


පන්දු 78 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 33 ක් රැස්කළ චරිත් අසලංක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ නමුත් ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටි ෂෙහාන් ජයසූරිය පන්දු 36 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 31 ක් රැස් කළේ ශ්‍රී ලංකා පිලට ජය මාවත පෙන්වාදුන් නියමුවා වෙමිනි.


පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෙන්වූ අමිල අපෝන්සුගේ පන්දු යැවීම සටහන් වූයේ 10-2-34-3 ක් වශයෙනි.
වරෙක කඩුලු 2 කට ලකුණු 105 ක් ලබා සිටි කොදෙව් ‘ඒ’ කණ්ඩායම අමිල අපෝන්සු (34/3), ළහිරු කුමාර (26/3) සහ චාමික කරුණාරත්න (36/2) තිදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 176 කට දැවී ගියේය.


කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ඕවර 48.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණි. කොදෙව් ලකුණු සංඛ්‍යාව 77 ක් වන විට සාර්ථක ආරම්භයක් ලබාගත් ජෝන් කැම්බල් සහ මොන්ට්සින් හොජ් පිටියෙන් ඉවත් කිරීමට මාලින්ද පුෂ්පකුමාර සමත්විය.


අර්ධ ශතකයක් ලබාගත් මොන්ට්සින් හොජ් කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය. ලකුණු පුවරුවට තවත් ලකුණු 35 ක් එක්වන විටදී පිතිකරුවන් තිදෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අමිල අපෝන්සු සමත්විමත් සමගින් කොදෙව් කණ්ඩායම දැඩි අසීරූතාවයකට පත්විය.


ළහිරු කුමාර විසින් යවන ලද 38 වැනි ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දු වලදී ජමාර් හැමිල්ටන් සහ කයිල් මේයර් දැවී ගිය අතර පසුපෙළ පිතිකරුවකු ලෙස පිටියට පිවිසි රකීම් කොන්වේල් පන්දු 43 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 37 ක් රැස්කරමින් කොදෙව් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. අවසන් කඩුලු තුන ලකුණු 14 ක් තුළ දවාගැනීමට ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න සමත්වූහ.


අදහස් (0)

ෂෙහාන් - අමිල ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.