Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජේක් වෙදරල්ඩ් විශාල ශතකයක් (183) ලබාගත් නමුත් ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම් අතර ඩාර්වින් නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විටත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 485 ක් ලබාගත් අතර තුන්වැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවන් ලබා සිටියේ කඩුලු 3 කට ලකුණු 379 කි.
ඒ වන විටත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 106 ක් ඉදිරියෙන් සිටියද ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සතුව කඩුලු 7 ක් තිබේ.
ඩාර්වින් නුවරදීම පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරව නිමා වූ අතර පිතිකරුවන්ගේ කෙළිබිමක්ව පවතින මෙම තණතීරුවේදීත් තරගයේ විසඳුම නොපෙනෙන ඉසව්වක තිබේ.
ජේක් වෙදරල්ඩ්ගේ මෙම ශතකය නිසා මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත අළු බඳුන තරගාවලිය සඳහා අවශ්‍ය ආරම්භක පිතිකරුවකු ලෙසින් ද වෙදරල්ඩ් කෙරෙහි අවධානය යොමුවී තිබේ. පන්දු 275 කට මුහුණ දෙමින් ජේක් වෙදරල්ඩ් ලබාගත් ලකුණු 183 ට හතරේ පහර 16 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වූවද, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් වඩාත් අවධානය යොමුකර සිටියේ ආරම්භක පිතිකරුවා ලබාගත් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු කෙරෙහිය.
බැක්වර්ඩ් පොයින්ට් සහ මිඩ් ඕෆ් අතර කලාපයෙන් ලකුණු 69 ක් ලබාගත් වෙදරල්ඩ්, ලෝන්ග් ලෙග් සහ මිඩ් ඕන් කලාප අතරින් ලකුණු 75 ක් ලබාගත්තේය. මේ ජේක් වෙදරල්ඩ්ගේ 13 වැනි පළමු පෙළ ශතකයයි.
වෙදරල්ඩ්ට අගනා සහයෝගයක් දුන් ඕස්ට්‍රේලියානු ‘ඒ’ නායක ජේසන් සංගා, සිය අවසන් පළමු පෙළ ඉනිම 5 දී ලබාගත් තුන්වැනි ශතකය සම්පූර්ණ කළේය. කර්ටිස් පැටර්සන් (59) සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වමත් පිතිකරුවා, ජේසන් සංගා සමගින් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 209 කි.
ඕස්ට්‍රේලියාවේ පළමු පෙළ තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද වන ජේක් වෙදරල්ඩ් එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 905 කි. ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී ජේක් වෙදරල්ඩ්ගේ ශතක තුන සටහන් වූයේ 186, 155 සහ 145 ක් ලෙසිනි.
ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී තස්මේනියානු පිල නියෝජනය කරන නමුත් ජේක් වෙදරල්ඩ් ඕස්ට්‍රේලියාවේ උතුරු කොනේ පිහිටි ඩාර්වින් නුවරදී උපන් අයෙකි.
ඡායාරූපය - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.