Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිලට එක්දින තරග 7 ක්
19 න් පහළ ක්‍රිකට්

ශ්‍රී ලංකා යොවුන් පිලට එක්දින තරග 7 ක්

editorial - 2025 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා යොවුන් (19 න් පහළ) කණ්ඩායම මේ මස අගදී තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය දූපත් බලා යනු ඇත. තරගාවලියේ සියලුම තරග ඇන්ටිගුවා දූපතේ පිහිටි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

යොවුන් එක්දින තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 15 වැනිදා හත්වැනි යොවුන් එක්දින තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 

තරගාවලියේ කාල සටහන

අගෝ 30  - පළමු යොවුන් එක්දින තරගය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 02 - දෙවැනි යොවුන් එක්දින තරගය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 04 - තුන්වැනි යොවුන් එක්දින තරගය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 07 - සිව්වැනි යොවුන් එක්දින තරගය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 09 - පස්වැනි යොවුන් එක්දින තරගය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 12 - හයවැනි යොවුන් එක්දින තරගය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප් 15 - හත්වැනි යොවුන් එක්දින තරගය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට එක්දින තරග 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.