Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයටත් පරදී

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයටත් පරදී

editorial - 2024 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

කත්මන්දු  නුවරදී සත්කාරක නේපාලයට අද (24) ගෝල 6-0 කින් පරාජයවීමෙන් එහිදී පැවැත්වෙන හත් වැනි සාෆ් (දකුණු ආසියානු) පාපන්දු (කාන්තා) තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ඒ සමගම මූලික වටයෙන්ම අවසන් විය.

ගිය වර අනූශූරියන් ද වන නේපාලය තරගයේ පළමු භාගය ගෝල 4-0 කින් පෙරමුණ ගනිමින් මෙම පහසු ජය වාර්තා කළේ අපරාජිතව අවසන් පූර්ව වටයට ප්‍රවේශ වෙමිණි.එහිදී නේපාලය තරගයේ නියමිත විනාඩි  90 අවසානයේ අපතේ ගිය කාලය සදහා ප්‍රදානය කළ විනාඩි හතෙන් සිව් වැනි විනාඩියේත් ගෝලයක් රැස් කිරීම කැපී පෙණුනි. 

නේපාල කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනකු ඊයේ තරගයේදී ගොල ද්විත්වයක් බැගින් ලබා ගැනීමට සමත් වූහ.නේපාල ක්‍රීඩිකාවෝ සදුදා (21) පැවැති තරගාවලියේ මූලික තරගයකදී මාලදිවයින ගෝල 11-0 කින් පරාජය කිරීමටද සමත් විය. 

ඒ අතර කත්මන්දු නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ පැවැති  මූලික වටයේ  තවත් තරගයකදී  මාලදිවයින  භූතානය හමුවේ තවත් ගෝල 13-0 ක දරුණු පරාජයක් ලැබීය. 

ශ්‍රී ලංකාව තරගාවලියේ ලද එකම ජය වාර්තා කළේද මාලදිවයිනට එරෙහිව ගෝල 1-0 ක් ලෙසය.මූලික වටයේදී ශ්‍රී ලංකාව භූතානයට ගෝල 4-1 කින්  සෙසු තරගයේදී පරාජයට පත් විය. 

ඒ අනුව මූලික වටය අවසන් වන විට ප්‍රතිවාදිනියන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල නවයක් රැස් කර තිබේ.එහිදී  ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව ගෝල දෙකක් ලබා ගෙන තිබේ. 

ඒ අනුව මූලික  වටයේ සමස්ත ප්‍රතිපලයන්ට අනුව ඉරිදා (27) අවසන් පූර්ව තරග බංග්ලාදේශය හා භූතානය අතරත් නේපාලය හා ඉන්දියාව අතරත් පැවැත්වේ.එහි ජයග්‍රාහකයන් දෙදෙනා අතර අවසන් මහ තරගය පැවැත් වෙන්නේ ලබන බදාදා (30) දිනයේදීය. 

ගියවර (2022) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති තරගාවලියේදීත් ශ්‍රී ලංකාව මේ ආකාරයටම නේපාලය හමුවේ ගෝල 6-0 ක් ලෙසත් භූතානය හමුවේ ගෝල 5-0 ක් ලෙසත් පරාජය වීමෙන් එවරත් මූලික වටයෙන්ම ඉවතට ගොස් තිබේ. 

මොහොමඩ් රූමි මහතා මෙම හත් දෙනෙකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ  පුහුණු කාර්‍ය්‍ය  මණ්ඩලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් රූමි මහතා කටයුතු කළේය. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.