ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නවතම මෘදුකාංගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. ජංගම දුරකථන හෝ පුද්ගලික පරිගණකයක් භාවිතා කරමින් තම නිවසේ සුවපහසුව සිටිමින්ම පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කරගැනීමට මෙම යෙදවුම උපකාරී කරගත හැකිය.
‘ගූගල් ප්ලේ ස්ටෝර්’ මෙන්ම ‘ඇපල් ඇප් ස්ටෝර්’ හරහා නොමිලේ බාගත කරගත හැකි මෙම නව මෘදුකාංගය හෙවත් ‘යෙදවුම’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන, ක්‍රීඩා සමාජ, පළාත්, දිස්ත්‍රික් හා පාසල් මට්ටමේ පුහුණුකරුවන් සඳහා විවෘතව පවතී. ඔවුන් හැරුණු විට පුද්ගලික පුහුණු පාසල් පවත්වන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද පුහුණු බලපත්‍රයක් හිමි පුහුණුකරුවන්ට මෙම ‘යෙදවුම’ භාවිතා කළ හැකිය.
“නව ‘යෙදවුම’ මඟින් පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ වඩාත් සමීප ආකාරයකින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඳුන්වා දීමට ලැබීම සතුටට කරුණක්” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි ජෙරම් ජයරත්න මහතා පැවසීය.
අළුතින් සාදන ලද ‘යෙදවුම’ අධ්‍යාපනික ලිපි, අන්තර්ජාල පන්ති කාමර පහසුකම්, නිපුණතා වීඩියෝ පුස්තකාලය, පුහුණු මාර්ගෝපදේශන මෙන්ම ඉදිරියට එන පුහුණුකරුවන්ගේ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ තවත් දේවලින්ද සමන්විත වේ.
“අපගේ ‘යෙදවුම’ සංවර්ධනය කර ඇත්තේ සියළුම පුහුණුකරුවන්ගේ දැනුම නංවාලීම සඳහා මෙන්ම ඕනෑම පුහුණුකරුවෙකුට ඕනෑම තැනකට පිවිසිය හැකි තාක්ෂණයෙන් තමන්ගේම සංවර්ධනය සොයා ගැනීමටයි” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා පැවසීය.
මෙම ‘යෙදවුම’ හරහා පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුහුණු උපදේශකවරුන්ගෙන් සහ පුහුණු කරන්නන්ගෙන් ප්‍රතිචාර ලබා ගත හැකිය. ඊට අමතරව අඛණ්ඩව මිනුම් සහ වැඩිදියුණු කිරීම් සඳහා සියලු විස්තර ස්වයංක්‍රීයව තනි පැතිකඩක් තුල ගබඩා වේ.
”මුහුණට මුහුණලා පුහුණු කිරීමේ අවස්ථාවක් නොමැති විට අපගේ පුහුණුකරුවන් අඛණ්ඩතාව අපේක්ෂා කරයි. එබැවින් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන විෂයමාලා සහ පොදුවේ පුහුණුකරුවන්ගේ සංවර්ධනය දෘශ්‍යමාන කිරීමෙන් අපි අපගේ තාක්ෂණය තවත් පියවරක් ඉදිරියට තැබුවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන පුහුණුකරු තාරක සමරතුංග මහතා පැවසීය.