Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2018 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ (බාලක) ඬේවිස් කුසලාන සහ කනිෂ්ඨ (බාලිකා) ෆෙඞ් කුසලාන ටෙනිස් තරගාවලීන්හි ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් විය.


‘ඩී’ කාණ්ඩය යටතේ කනිෂ්ඨ ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා බාලක කණ්ඩායම, එහි පෙර සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේදී සවුදි අරාබිය සහ තජිකිස්තානය හමුවේ ජය වර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අනතුරුව අද (15 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගකදී සිරියාවට එරෙහිව වට 2-1 ක ජයක් ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.


‘ඩී’ කාණ්ඩය යටතේ ෆෙඞ් කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම එහි පෙර සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී වියට්නායමය සහ මාලදිවයින පරාජය කරමිනි.


සුදුසුකම් ලැබීමේ බාලක අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිවද, බාලිකා අවසන් පූර්ව වටයේදී පිලිපීනයට එරෙහිවද ශ්‍රී ලංකා කණ්ඩායම් තරග වැදීමට නියමිතය.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.