Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)
ඕවර 50 තරගයකට වඩා අවසන් ඕවර 10 තරගයක් වූ පල්ලෙකැළේ එක්දින තරගයේදී ලකුණු 6 ක තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් අත්කර ගත්හ. අද (1 වැනිදා) රාත්‍රියේදී ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලට නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 301 ක් පමණි.
දෙපිලම අනුගමනය කළේ ඉදිරි පෙළ කඩුලු රැකගනිමින් අවසන් කොටසේදී ප්‍රහාරය දියත් කිරීමේ උපක්‍රමයකි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙන්ම පන්දු යවන්නෝත් අවසන් ඕවර 10 දී වඩාත් හොඳින් ක්‍රීඩා කළහ.
40 වැනි ඕවරය නිමා වන තුරුත් කඩුලු 5 ක් අතැතිව තබාගැනීමේ වාසිය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් ඕවර 10 දී ලකුණු 88 ක් ලබාගනිමින් ඕවර 50 දී ලකුණු 307 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා පිල මෙන්ම කොදෙව් පිලද ඕවර 40 ක් අවසානයේදී ලබා සිටියේ ලකුණු 219 කි. එහෙත් අවසන් ඕවර 10 දී කොදෙව් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82 කි.
වෙනස රැඳුණේ අවසන් ඕවර 10 න් ඕවර 3 ක් යැවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගැනීමත් එන්න එන්නම වැඩිවූ පීඩනය හමුවේ කොදෙව් පිතිකරුවන් තිදෙනකු දුවද්දී දැවීයාමත් අතරය.
තමන්ගේ වගකීම නිසි පරිදි වටහා ගනිමින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (44) සහ කුසල් මෙන්ඩිස් (55) දෙදෙනාගේ පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා යාමේ පදනම විය. එහෙත් ඉනිමේ අවසන් කොටසේදී අලංකාර අර්ධ ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා (51) සමග එක්ව තිසර පෙරේරා (38) හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 64 ක සම්බන්ධතාවද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ලකුණු සංඛ්‍යාවට යාමට හොඳ පිටිවහලක් විය.
අංක 8 පිතිකරුවා ලෙසින් පැමිණි වනිඳු හසරංග ලබාගත් ලකුණු 16 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 9 කට පමණක් වූවද අවසන් ඕවරයේදී ජේසන් හෝල්ඩර් හමුවේ ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 කඩයිම පසුකර ගියේ එම හයේ පහරනි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත්තේය. අලංකාර ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහර කිහිපයකින්ම ෂෙල්ඩන් කොට්ට්‍රල්ට සහ ජේසන් හෝල්ඩර් දෙදෙනාට සංග්‍රහ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ඉනිමේ 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු 6.00 කට වැඩි වේගයක් රඳවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගත්හ.
කොට්ට්‍රල්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් වූ නමුත් ප්‍රවේසමෙන් පන්දු යවන්නා අධ්‍යනය කළ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දුව දුටුතැන පහර දුන්හ. කොට්ට්‍රල්ගේ දෙවැනි ඕවරයේදී චිත්තාකර්ශනීය හතරේ පහර දෙකක්ද සමගින් ලකුණු 14 ක් ලබාගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර හෝල්ඩර්ගේ දෙවැනි ඕවරයේදී දිමුත් සහ අවිශ්ක ලකුණු 10 ක් ලබාගත්හ.
ආරම්භක පිතිකරුවන් දැවී යාමෙන් පසුව එක්වූ කුසල්ලා දෙදෙනා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් සැලසුම් සහගත පිතිහරඹයක නිරත වූහ. පන්දු 48 කදී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 55 ට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ නමුත් වමත් පිතිකරු කුසල් පෙරේරා තරමක් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූයේ සිය කඩුල්ලේ වටිනාකමට නිසි තක්සේරුව දෙමිනි. දෙදෙනාම තමන්ගේ කාර්යය අකුරටම ඉටුකළහ.
ඉනිමේ 30 වැනි ඕවරයත් 40 වැනි ඕවරයත් අතර ලකුණු 54 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් ඕවර 10 වන විටත් කඩුලු 5 ක් අත තබාගත්තේ කොදෙව් නායකයාගේ පන්දු යවන්නන් යොදාගැනීමේ උපායයන් කෙරේ ප්‍රශ්නාර්ථයක් ඇතිකරමිනි. තණකොළ ගහක්වත් නැති තණතීරුවේදී දඟ පන්දු යවන හේඞ්න් වොල්ෂ්ට ලැබුණේ ඕවර 3 ක් පමණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.