Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ පැවති 2025 - පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගනිමින් සමස්ථ තරගාවලියේ පදක්කම් 14 ක් දිනාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (31 වැනිදා) දිවයිනට පැමිණියේය. මෙම තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 31 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක සහභාගීත්වයෙන් පසුගිය 24 වැනිදා සිට 30 දින දක්වා ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්විණ.
මෙම තරගාවලියේදී එස්.ඒ.එස්.එස්.සෙව්වන්දි , එච්.ටී.ධනුප්‍රිය , වෙනුර කාරියවසම් , එන්.එන්. ද සිල්වා , ඩී.එන්. බණ්ඩාර සහ ඒ.එස්.කරුණාරත්න රිදී පදක්කම් දිනා ගත්හ. වයි.සී.සත්සරණි , විමංසා කාවින්දි , හිරුණි ඩයස් , ඩබ්ලිව්. වීරසිංහ , එස්.ආර්. ලක්සරණි , එන්.එස්. දිසානායක , එන්.ඕ.ටී. නාරයන සහ වයි.ඩී.අයි. කුමාර ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
කිලෝ ග්‍රෑම් 79 බර පංතිය යටතේ සහභාගී වූ පසිදු මාලේවන ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 140 ක් ඔසවමින් සිටියදී අනතුරකට මුහුණ දුන්නේය. ඔහු ද මෙම ක්‍රීඩකයින් සමග ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
මෙම ක්‍රීඩකයන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් මනෝජ් සංජීව මහතා ඇතුළු එම සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් ද ,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද ශ්‍රී ලංකා යුධ හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා අංශ වල උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.