
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සපයන්නා වන ‘මූස් ක්ලොතිං’ සමාගම විසින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නවතම මෝස්තරයකින් යුත් බැනියමක් හඳුන්වා දී තිබේ. 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම බැනියම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වර්ණ වන නිල් සහ කහ වර්ණ යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මූස් ක්ලෝතිං සමාගම අතර පවතින හවුල්කාරීත්වය වසර 2023 දී ආරම්භ වූවකි. එතැන් සිට 2023 (එක්දින) ලෝක කුසලාන තරගාවලිය සඳහාත්, 2024 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහාත් මෙම වසර දෙකේදීම පැවැති ද්වි පාර්ශ්වික තරගාවලි සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි-20 ඇඳුම් නිර්මාණය කරන ලද්දේ ද මූස් ක්ලෝතිං සමාගම විසිනි.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අලුත්ම ඇඳුම මූස් ක්ලෝතිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත පෙරේරා යන මහත්වරුන් විසින් අද (14 වැනිදා) සවස කොළඹදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකට නිල වශයෙන් ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කණ්ඩායමේ නව නිල ඇඳුමත් සමගින් මූස් ක්ලෝතිං සමාගම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් සඳහාම වන ඩිජිටල් අවකාශයේ භාවිතා කළ හැකි ‘මූස් ක්ලෝතිං ෆෑන් ක්ලබ්’ නම් වූ මෘදුකාංගයක් ද එළිදක්වන ලදි.

ඡායාරූප - ළහිරු හර්ෂණ
B Amarasinghe Thursday, 15 January 2026 04:44 AM
ජය නියතයි!. සියල්ල හරි
Reply 0 0
kpkp fdo Thursday, 15 January 2026 06:46 AM
ඇදුම නෙවෙයි, නමුත් අවශ්‍ය වන්නේ අලුත් කළමනාකරණයක් ඇති ටීම් එකක්...
Reply 0 0
fairoos Thursday, 15 January 2026 03:22 PM
ඇදුම මාරුවුණාට ලංකාවේ ක්‍රිකට් අන්තිමයි
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.