Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශක්තිමත් ක්‍රීඩා අර්ථිකයක්

ශක්තිමත් ක්‍රීඩා අර්ථිකයක්

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක් ඉදිරියේදී පවත්වා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා අද (27) පැවසීය. කතරගම රජ මාතේදී 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  ඇවිදීමේ තරගාවලියේ  ආරම්භක සංඥාව නිකුත් කිරීමෙන් පසුව  නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

තරග විනිසුරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩක පුහුණු සහයකයින් වැනි ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල නියුතුවූවන් පුහුණුවෙන් අනතුරුව විදේශ රටවල ක්‍රීඩා කිරීමට සහ සේවයට යොමුකරමින්  විදේශ රැකියා උත්පාදනයට යොමුකර ක්‍රීඩා ආර්ථීකය ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පැවසීය.  එලෙසින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමත්,  ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය කිරීමත් මගින්  දැවැන්ත ආදායමක් ලබා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ද හෙතම  පැවසීය.
    
ශ්‍රී ලංකාවේ  හැම ක්‍රීඩාවකම ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණවලට පදනම දැමීම සඳහා  2024, 2028 සහ 2032 වසරවලට අවශ්‍ය සංචිත ගොඩනගමින් තිබෙන බවත් ඇමතිවරයා පැවසීය. එබැවින්  අවම වශයෙන් වසර10කට සරිලන සැලැස්මක් සෑම කාලයකම ක්‍රියාත්මක වන පරිදි සකසා තිබෙන බවත් හෙතෙම පැවසීය.

“ඒ මගින් අපේ රටේ පාසලක දැනට 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නා, නැතහොත් අවු.13ක දරුවෙකුට,  ඉදිරි කාලසීමවට අවශ්‍ය සැලැස්ම නිර්මාණය වෙනවා. ඒ හරහා පදක්කම් සහ ලෝක කුසලාන කරා අපට යා හැකියි. “ යයි කී ඇමතිවරයා....
 
“ඕනෑම ක්‍රීඩාවක පැවැත්ම තිබෙනුයේ එහි ආර්ථිකය තුළයි.  ක්‍රීඩාව තුළ ආර්ථිකයක් ගොඩනැගුණ විට ක්‍රීඩකයාගේ ආර්ථිකය ගොඩනැගෙනවා.  ක්‍රීඩකයාට වැටුපක් ලැබීමත් ඔහු වෘත්තිමය ක්‍රීඩකයකු බවට පත්වනුයේ එම කාරණය තුළයි“
යයිද පැවසීය.

ලෝකයේ  ක්‍රීඩා ආර්ථිකය ඒ ඒ රටවල දළ දේශීය ආදායමෙන්  3% ක හෝ 4% ක ම්ටටමකට ගෙනගොස් තිබෙන බවත් ශ්‍රී ලංකාවේත් එය අඩුම තරමේ 2% ක හෝ 3%ක මට්ටමකට ගෙනයාම ඉලක්කය බවත්  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.


- 213


අදහස් (0)

ශක්තිමත් ක්‍රීඩා අර්ථිකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.