Last Update  :  2025-06-12 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙස්ලි - සහිරා - රාජකීය පෙරමුණ ගනී
අන්තර් පාසල් රග්බි

වෙස්ලි - සහිරා - රාජකීය පෙරමුණ ගනී

editorial - 2025 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටයේ පළමු සතිය නිමාවට පත්වන විට පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල පෙරමුණ ගැනීමට පිළිවෙළින් කොළඹ වෙස්ලි, මරදාන සහිරා සහ කොළඹ රාජකීය යන විදුහල් සමත්ව තිබේ. 

කණ්ඩායම් 18 ක් සහභාගි වන මෙම තරගාවලියේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ 3 ක් යටතේ සතිපතා තරග පැවැත්වේ. පළමු සතිය තුළ පැවැති තරග 9 දී ජයග්‍රහණ 8 ක් වාර්තා වූ අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. 

එහිදී වාර්තා වූ ජයග්‍රහණය 8 දීම ප්‍රසාද ලකුණද හිමිකර ගැනීමට ජයග්‍රාහී කණ්ඩායම සමත් වූ අතර ලකුණු සම වීමෙන් නිමාවට පත්වූ තරගයේදීද දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. පරාජයට පත්වූ කණ්ඩායම් අතරින් කින්ස්වුඩ් විදුහල ප්‍රසාද ලකුණු 2 ක්ද, ශාන්ත අන්තෝනි එක් ප්‍රසාද ලකුණක්ද ලබාගත්තේය. 

පළමු කාණ්ඩ යටතේ පැවැති පළමු සතියේ තරගවලදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව වෙස්ලි විදුහලද, ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහලද, කොළඹ ආනන්ද විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලද ජයග්‍රහණ වාර්තා කළේය. 

දෙවැනි කාණ්ඩයේ තරගවලදී මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට සහිරා විදුහලද, කින්ස්වුඩ් විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද, මහානාම විදුහල පරාජය කිරීමට කොළඹ  ඉසිපතන විදුහලද සමත් විය. 

කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කිරීමට රාජකීය විදුහලත්, මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහලත් සමත් වූයේ තෙවැනි කාණ්ඩ යටතේ පැවැති තරගවලදීය. මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර ලකුණු සම වූ තරගයද තෙවැනි කාණ්ඩයේ තරගයක් විය. 

මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට පළඟ ශූරතාව සඳහාද, පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට බඳුන ශූරතාව සඳහාද තරග වැදීමට සිදුවනු ඇත. 


අදහස් (0)

වෙස්ලි - සහිරා - රාජකීය පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.