Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු - චමීර ඕමාන් තරගාවලියට නෑ

වනිඳු - චමීර ඕමාන් තරගාවලියට නෑ

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා අද (15 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ලබන මස 7 සහ 9 දිනවල ඕමානයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග සඳහා සහභාගි නොවෙති. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස 2 වැනිදා ඕමානය බලා පිටත්ව යන අතර ඕමානයට එරෙහිව විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

අයි.පී.එල්. තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වෙයි. හසරංග සහ චමීර දෙදෙනාම අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන සිටිති. ඉන්දීය නායක විරාට් කෝලි රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායකත්වය දරයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අයි.පී.එල්. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් නොලබන්නේ නම් පමණක් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඔක්තෝබර් මස 12 සහ 14 දිනවලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පුහුණු තරග දෙකට පෙර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත. එතැන් සිට ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරුම ඔවුන් ශ්‍රී ලංකා පිල සමග රැඳී සිටිනු ඇත.

කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හොත් ඒ අනුව තත්ත්වය වෙනස් වනු ඇත. අයි.පී.එල්. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 15 වැනිදාය.

හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනාම මේ වන විට ඩුබායි බලා ගොස් සිටින අතර ඔවුන් දෙදෙනාම දින දෙකක කාලයක් නිරෝධායනය විය යුතුය.


(වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ඩුබායි බලා යන අතරතුර ගුවන් යානයේදී - ඡායාරූපය වනිඳු හසරංගගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙනි.)

 

- 213

 


අදහස් (0)

වනිඳු - චමීර ඕමාන් තරගාවලියට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.