Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල්ට ඩෙංගු - පාකිස්තානු සංචාරයට නෑ

ලක්මාල්ට ඩෙංගු - පාකිස්තානු සංචාරයට නෑ

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පළපුරුදුම ටෙස්ට් වේග පන්දු යවන්නා වන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළදීම නිසා  පාකිස්තානයේ  ටෙස්ට් තරග දෙක මග හැරෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තහවුරු කළේය. ලක්මාල් වෙනුවට 22 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් වෙයි.

ලක්මාල් ඩෙංගු රෝගයෙන් පෙළෙන නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සමග  පාකිස්තානු සංචාරයට නොයනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තහවුරු කළේය.

ලක්මාල් අද පාකිස්තානය බලා අද පිටත්ව යාමට සූදානමින් සිටියේය.

ලක්මාල්ගේ පළමු සංචාරයේදී (2009) ලක්මාල් ඇතුලු කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රථය ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකට ලක්විය. එහිදී පාකිස්තානු ජාතිකයන් හත් දෙනෙකු මිය ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හත් දෙනෙක් තුවාල ලැබූහ.


අදහස් (0)

ලක්මාල්ට ඩෙංගු - පාකිස්තානු සංචාරයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.