Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝදපුටු පැසිපන්දු තරගයේ ජය ගජබා පිලට

රෝදපුටු පැසිපන්දු තරගයේ ජය ගජබා පිලට

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කාල්ටන් පැසිපන්දු තරගාවලියේ 5 වැනි අදියරට සමගාමීව පැවැති රෝදපුටු පැසිපන්දු ප‍්‍රදර්ශන තරගය ජයගැනීමට ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්විය. ඔවුන් විසින් ලකුණු 26 - 16 ක් ලෙස පරාජය කරනු ලැබුවේ විජයබා රෙජිමේන්තු කණ්ඩායම පරදවනු ලැබීය.
කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය  නිමාවන විට ලකුණු 14 - 8 ක් ලෙස ගජබා රෙජිමේන්තු කී‍්‍රඩකයෝ ඉදිරියෙන් සිටියහ.

දෙවැනි අර්ධයේදී තම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 12 ක් එක් කරගැනීමට ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්වුවත් විජයබා රෙජිමේන්තු කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි.

ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ ටි. එම්. එදිරිසිංහ සහ ඒ. ජී. සුසිත අසංක පිළිවෙළින් ලකුණු 10 ක් සහ 6 ක් රැුස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

විජයබා කණ්ඩායම වෙනුවෙන් ඩබ්. ඒ. විජේසිංහ ලකුණු 6 ක් සහ බී. එල්. රාජසිංහ ලකුණු 4 ක් රැස්කරමින් දස්කම් දැක්වූවත් එය පරාජයෙන් ගැලවීමට ප‍්‍රමාණවත් නොවීය.


අදහස් (1)

රෝදපුටු පැසිපන්දු තරගයේ ජය ගජබා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.