Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
--------------------------
රොෂාන් ගුණරත්න
--------------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ දින 4 ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු 14 ක් ලබාගත් යුදහමුදා පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 18 ක් ලබාගත් රාගම පිල ‘බී’ කාණ්ඩයෙන්ද, ප්‍රසාද ලකුණු 19 ක් ලබාගත් එන්.සී.සී පිල ‘සී’ කාණ්ඩයෙන් සහ ප්‍රසාද ලකුණු 15 ක් ලබාගත් කෝල්ට්ස් පිල ‘ඩී’ කාණ්ඩයෙන්ද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූහ.
තරග 4 කට සහභාගිවී තරග 4 ම ජයගනිමින් අපරාජිත වාර්තාව රැකගැනීමට රාගම සහ එන්.සී.සී කණ්ඩායම් සමත්වී ඇති අතර යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් තරගය බැගින් පරාජයට පත්වී ඇත.
‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ක්‍රීඩා කරන අතර ‘බී’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකරනු ලැබේ.
මූලික වටයේ තරග මේ මස 5 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර අර්ධ අවසන් පූර්ව තරග 7 වැනිදාත්, අවසන් පූර්ව තරග 9 වැනිදාත් අවසන් මහා තරගය 11 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.