Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසිනව වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දු යැවීම නිසා චෙන්නායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත මුල් ඉනිම ලකුණු 134 කට සීමා කිරීමට ඉන්දියානුවෝ සමත් වූහ. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට එංගලන්ත පිල තල්ලු කිරීමට තිබූ අවස්ථාව ලකුණු 5 කින් ගිළිහී ගියද තරගයේ දෙවැනි දිනය වූ අද (14) අවසානයේදී ඉන්දීය කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 249 ක් ඉදිරියෙන් සිටියේය.
අද සවස තරගය නතර කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය. මුල් ඉනිමේදී ලකුණු 195 ක වාසියත් ඉන්දීය පිලට තිබිණ.
තණතීරුවේ ස්වභාවය අනුව මෙය ඉතාමත් වාසිදායක තත්ත්වයකි. ඉන්දීය පිලට මෙම තරගය ජයගත හැකිවුවහොත් තරග 4 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවනු ඇත.
මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා පහසුවෙන්ම ස්ටම්ප් කරගැනීමට තිබූ අවස්ථාවක් එංගලන්ත කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් වෙතින් ගිළිහී ගියේය. මුයින් අලී අවාසනාවන්ත පන්දු යවන්නා වූවත් ජැක් ලීච්ගේ පන්දුවක් හමුවේ ඉන්දීය පිලේ අනෙක් ආරම්භ පිතිකරුවා වූ ෂුබ්මන් ගිල් දැවී ගියේය.
දිනයේ ක්‍රීඩාව අවසන් වීමෙන් පසුව එංගලන්ත පිලේ සහාය පුහුණුකරු ග්‍රැහැම් තෝප් කියා සිටියේ මෙම තණතීරුව පිතිකරුවන්ට අපායක් බවයි.
“අපට සැලසුම් කිහිපයක් තිබුණා. ඒත් ඒ එකක්වත් අද දවසේ වැඩකළේ නෑ” යයිද තෝප් පැවසීය.
රවිචන්ද්‍රන් අශ්වින් විසින් බෙන් ස්ටෝක්ස් දවාගැනීමත් සමගම එංගලන්ත කණ්ඩායමෙන් අඩක් ලකුණු 52 කදී දැවී ගියේය. එහෙත් ජොස් බට්ලර්ගේ ස්ථානය ගත් බෙන් ෆෝක්ස් සිය නවක සගයා වූ ඔලී පෝප් සමගින් එක්ව ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීමට එංගලන්තයට උපකාර කළේය.
සිය අවසන් ටෙස්ට් තරග තුනේදී ලකුණු 228, 186 සහ 218 පරිදි ලකුණු ලබාගත් එංගලන්ත නායකයා ඊයේ ලකුණු 6 කට දැවී ගියේ ස්වීප් පහරක් ගැසීමට යාමෙන් පහර වැරදී උඩපන්දුවක් දීමෙනි.
ඉන්දියාව - පළමු ඉනිම 329
(රෝහිත් ෂර්මා 161, චෙටේස්වාර් පුජාරා 21, අජින්ක්‍යා රහනේ 67, රිෂාබ් පන්ට් නොදැවී 58, රවිචන්ද්‍රන් අශ්වින් 13, ඔලී ස්ටෝන් 47/3, ජැක් ලීච් 78/2, මුයින් අලී 128/4)
එංගලන්තය - පළමු ඉනිම 134
(ඩොම් සිබ්ලි 16, බෙන් ස්ටෝක්ස් 18, ඔලී පෝප් 22, බෙන් ෆෝක්ස් නොදැවී 42, ඉෂාන්ත් ෂර්මා 22/2, රවිචන්ද්‍රන් අශ්වින් 43/5, අක්සර් පතෙල් 40/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 54
(රෝහිත් ෂර්මා නොදැවී 25, ෂුබ්මන් ගිල් 14, ජැක් ලීච් 19/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.