
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන යුපුන් අබේකෝන් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කළේය. ඉතාලියේ ද සැවෝනා නගරයේදී ඊයේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්ත්පර 10.15 කින් මීටර 100 ඉසව්ව නිමා කළ යුපුන් තමන් සතුවම පැවැති එහි පැරණි වාර්තාව අලුත් කළේය.
පසුගිය සැප්තම්බරයේදී ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්ත්පර 10.16 කින් මීටර 100 ඉසව්ව නිමකරමින් යුපුන් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද තමන් සතු කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.