Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් අවසන් වටයට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

යුපුන් අවසන් වටයට

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී පැවැති අවසන් පූර්ව තරගයේදී තත්ත්පර 10.20 කින් මීටර 100 ඉසවව අවසන් කළ යුපුන්, හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයන් 8 දෙනා අතරට එක්වෙමින්, මීටර 100 ඉසව්වේ  අවසන් වටයට පැමිණියේය.  

අවසන් පූර්ව වටයේදී තරග කළ ක්‍රීඩකයන් 27 අතුරින්, තරග කාලය අනුව, 8 වැනි ස්ථානය ලබාගැනීමට යුපුන්ට හැකිවිය. අවසන් පූර්ව වටයේ තුන්වැනි ක්‍රීඩක පොකුරට එක්වූ යුපුන් එහිදී සිව්වැනියා වූයේය.

මූලික වටයේදී තරග කළ ක්‍රීඩකයන් 70 දෙනකු අතුරින් හොඳම කාලය (තත්ත්පර 10.06) වාර්තා කළ යුපුන්, පහසුවෙන්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් පූර්ව වටයේදී, තරග කාලය අනුව කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමාන්යාලා (තත් 10.02) පළමු ස්ථානය ලබාගත්තේය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 හිටපු ශූරයා වන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් (තත්. 10.07) අවසන් පූර්ව වටයේ දෙවැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා වූයේය. එංගලන්තයේ මිචෙල් බ්ලේක් (තත් 10.13) තුන්වැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා විය.

මීටර 100 පිරිමි ඉසව්වේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (04 වැනිදා) අලුයම 2.00 ට පැවැත්වෙයි. 


අදහස් (0)

යුපුන් අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.