Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේධානි ලෝක ශූරතාවලියට

මේධානි ලෝක ශූරතාවලියට

editorial - 2021 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පතියලා නගරයේදී අද (29) නිමාවට පත්වූ 60 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 200 (කාන්තා) ඉසව්වේදී රිදී පදක්කම තත්පර 24.08 කට හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා මේධානි ජයමාන්න ලබන අගෝස්තු මාසයේදී කෙන්යාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබාගැනීමට සමත් වූවාය.

එම ලෝක තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබාගත් සිව්වැනියා ඇයයි. ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම වූයේ තත්පර 24.35 කි.

මේ අතර අද මීටර 100 ං 4 ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම දිනාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ ඔවුන් එහිදී තත්පර 44.55 කට දෙවැනි තැනට පත්වුවත් එය ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායමක් වසර 19 කට පසුව පෙන්වූ හොඳම ධාවන කාලය ලෙස වාර්තාවීමයි.

වසර 2002 දී එඩ්මන්ටන් නුවරදී පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම තත්පර 44.25 කට මීට ඉහතදී එහි හොඳම ධාවනය වාර්තා කර තිබේ. ලක්ෂිකා සුගන්ධි, ෂෙලින්ඩා ජෙන්සන්, අමාෂා ද සිල්වා හා මේධානි ජයමාන්න අද පතියලා තරගාවලියේදී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ වෙති.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මීටර 400 (පිරිමි) ඉසව්වෙන් එකම රන් පදක්කම දිනා දුන් කාලිංග කුමාරගේ අද මීටර 200 (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙමින් තත්පර 21.13 කට රිදී පදක්කම ලැබීය.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ දැනටමත් නිර්දේශ තහවුරු කරගෙන සිටින මීටර 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක අද තරග වැදිමේදී ඇගේ දක්ෂතාව විනාඩි 10 තත්පර 12.02 කට ලෝකඩ පදක්කමට සීමා වී තිබුණි. මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා ලාභිනිය වන නිලානිගේ හොඳම නිමි කාලය 2018 දී වාර්තා වූයේ විනාඩි 9 තත්පර 46.76 කටය.

මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහගේ දක්ෂතා මීටර 77.28 ක් වෙද්දී ඔහුට හිමිවූවේද ලෝකඩ පදක්කමකි. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා එහි අවම දුර මීටර 85.00කි.

අද නිමාවට පත්වූ 60 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම්  03ක් සහ ලෝකඩ පදක්කම් 04ක් හිමිකර ගත්තේය. සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අනිද්දා දිවයිනට (01) පැමිණීමට නියමිතය.


අදහස් (0)

මේධානි ලෝක ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.