Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේධානි අවසන් පූර්ව වටයට

මේධානි අවසන් පූර්ව වටයට

editorial - 2021 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෙන්යාවේ ‘නයිරෝබි‘ නුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මලලක්‍රීඩා තරගාවලියේ අද (20) උදෑසන පැවැති මීටර 200 (කාන්තා) ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා මේධානි ජයමාන්න තත්පර 24.01 කින් ඉසව්ව නිමකරමින් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

අද රාත්‍රී 7.10 ට ඇය එහි අවසන් පූර්ව වටයේදී තරග වදින්නීය.

දෙවැනි මූලික වටයේ තරග වැදුණු මේධානි සිව්වැනි ස්ථානයට තරගය නිමා කළ අතර මූලික තරග වලදී පස්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  අවසන් පූර්ව වටයට ප්‍රවේශ වී සිටින ක්‍රීඩිකාවන් 24 දෙනා අතරේ ඇය පත්ව සිටින්නේ 16 වැනි ස්ථානයයි.

තත්පර 22.65 කට ඉසව්ව නිමකළ නැමීබියානු ක්‍රීඩිකා බියටි්‍රස් මයිලිනී අවසන් පූර්ව වටයේදී හොඳම තරග කාලය වාර්තා කළ ක්‍රීඩිකාවයි.

ශ්‍රී ලංකාවේ මීටර 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 6.50 ට එහි අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි. ඇය මූලික වටයේ තරගයේදී විනාඩි 02 තත්පර 10.70 ක දක්ෂතාවයන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තාය.

 


අදහස් (0)

මේධානි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.