Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩේවිඩ් මිලර්ගේ සහ ක්‍රිස් මොරිස්ගේ වේගවත් පිතිහරඹයන් හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය රාජස්තාන් කණ්ඩායම අවසන් ඕවරයේදී සිවුවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය. රාජස්තාන් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවර දෙකේදී ලකුණු 26 ක් අවශ්‍ය වූ අතර 19 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සහ අවසන් ඕවරයේදී හයේ පහර 2 ක් සමග පන්දු 18 කදී නොදැවී ලකුණු 36 ක් රැස්කළ ක්‍රිස් මොරිස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
මුල් පිතිකරුවන් සිවුදෙනාම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩේවිඩ් මිලර්, පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. රාහුල් තේවතියා (19) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 30 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තේය. මුල් පෙළ පිතිකරුවන් ආසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිතර වූ නායක රිෂාබ් පාන්ට් පන්දු 32 කින් ලකුණු 51 ක් රැස්කළේ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සරසමිනි. ලලිත් යාදව් පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, ටොම් කරන් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් දිල්ලි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පාන්ට්ට අනගි සහායක් දුන්හ.
කාසියේ වාසිය දිනූ රාජස්තාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණයට උපරිම සාධාරණක් ඉටු කළ ජයදේව් උනාඩ්කට්, දිල්ලි කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 36 ක් තුළ ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මුස්තෆිසුර් රහමන් සිය කණ්ඩායමට අවශ්‍යම කඩුලු 2 ක් වූ මාකස් ස්ටොයිනිස්ගේ සහ ටොම් කරන්ගේ කඩුලු බිඳහෙළුවේය.
අඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියේ සෙසු තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, මෙම තරගයේදී උපදේශකයකු ලෙස සිය කණ්ඩායමට දායකත්වය ලබාදුන්නේය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 කට 147
(රිෂාබ් පාන්ට් 51, ලලිත් යාදව් 20, ටොම් කරන් 21, ක්‍රිස් වොක්ස් 15, ජයදේව් උනාඩ්කට් 15/3, මුස්තෆිසුර් රහමන් 29/2)
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම - ඕවර 19.4 කදී කඩුලු 7 කට 150
(ඩේවිඩ් මිලර් 62, රාහුල් තේවතියා 19, ක්‍රිස් මොරිස් නොදැවී 36, අවේෂ් ඛාන් 32/3, ක්‍රිස් වොක්ස් 22/2, කගිසෝ රබාඩා 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.