Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ම්’බාපේ ප්‍රහාරයෙන් ප්‍රංශය 8 දෙනාගේ වටයට
කටාර් - 2022

ම්’බාපේ ප්‍රහාරයෙන් ප්‍රංශය 8 දෙනාගේ වටයට

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේ සුපිරි තරුව, කයිලියන් ම්’බාපේ පිට පිටම ලබාගත් ගෝල දෙක නිසා පෝලන්තය 3-1 කින් පරාජය කළ වත්මන් ලෝක ශූරයෝ යළිත් වතාවක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. කටාරයේ දෝහා නුවර, අල් තුමානා ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.

ප්‍රංශයේ පළමු ගෝලය වාර්තා වූයේ ප්‍රවීන ප්‍රහාරකයකු වන ඔලිවියර් ගිරූඩ් වෙතිනි. එය ඔහුගේ 52 වැනි අන්තර්ජාතික ගෝලය වූ අතර ඒ සමගම ඔලිවියර්, ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 51 ක්) ලබාගත් තියරි හෙන්රිගේ වාර්තාව පසුකර ගියේය.
තරගය අවසන් වීමට විනාඩි 20 ක් පමණ තිබියදීත්, ප්‍රංශය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද 74 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ කයිලියන් ම්’බාපේ දෙවැනි ගෝලය ප්‍රංශ පිලට ගෙනැවිත් දුන්නේය. අතිරේක කාලයේ පළමු වැනි විනාඩියේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ම්’බාපේ තවත් ගෝලයක් ලබාගනිමින් 3-0 ක් ලෙසින් ප්‍රංශ ජයග්‍රහණය සහතික කළේය.

තවමත් 23 හැවිරිදි ප්‍රංශ ප්‍රහාරකයා වන ම්’බාපේ ලෝක කුසලාන තරගාවලි දෙකකදී ලබාගත් ගෝල සංඛ්‍යාව 9 කි.

පෝලන්තයේ එකම ගෝලය වාර්තා වූයේ දඬුවම් පහරකිනි.

ප්‍රංශ ක්‍රීඩක දායොත්ගේ අතේ පන්දුව වැනීම හේතුවෙන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් පෝලන්තය් වාඩත්ම විශ්වාසදායක ප්‍රහාරකයා වන රොබට් ලෙවැන්ඩොව්ස්කි එම ගෝලය ලබාගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය එංගලන්තය හා තරග වැදීමට නියමිතය.
මෙම තරගය දෙසැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වේ.

- 213

 


අදහස් (0)

ම්’බාපේ ප්‍රහාරයෙන් ප්‍රංශය 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.